Colombo Today Local News

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළේදී ලබා දෙන තීරු බදු සහනය මැයි 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

කාණ්ඩ 5 ක් යටතේ මෙම සහනය ක්‍රියාත්මක බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ අනුව, ඩොලර් 2400 – 4799 මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට හිමිවන තීරු බදු සහනය ඩොලර් 600 කි.

ඩොලර් 4800 – 7199 මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් ලබාදීමට නියමිතය.

ඩොලර් 7200 – 11,999 මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1440ක අතිරේක තීරු බදු සහනයක් ද

ඩොලර් 12,000 – 23,999 මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2400ක අතිරේක තීරු බදු සහනයක් ද හිමි වනු ඇති.

ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800ක අතිරේක තීරු බදු සහනයක් ලබා ගැනීමට හැකියාව පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

Related posts

ඇමති කබීර් හෂීමිගේ ගෝලයෙකු පැනමා ලැයිස්තු වේ – තවමත් රජයේ ආයතනයක සභාපති.

colombotoday

පාසල් දරුවන්ට කිරි වෙනුවට සහල් කැඳ

colombotoday

විරෝධතාවට උසාවි වාරණයක්, වාරණය නොතකා අන්තරය විරෝධතාවයේ

colombotoday

ජනපති මංගලගේ කෑල්ලක් ගලවයි.. රූපවාහිනිය, ගුවන්විදුලිය පවරා ගැනීමට සූදානම්

colombotoday

“නව ව්‍යවස්ථාවෙන් ජනපති ක්‍රමය අහෝසි කරනවා“ – රාජිත

colombotoday

සජිත් පරාජය පිළිගනියි – ගෝඨාභයට සුබ පතයි

colombotoday