Colombo Today Local News

ගෝඨාභය බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතුයි – හිටපු ඇමරිකන් තානාපති කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මහතා මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමිනි.

එහිදි ඒ මහතා පැවසුවේ 2001 වසරේ සැප්තැම්බර් 11 සිදු වු ප්‍රහාරයෙන් අමෙරිකාව උගත් පාඩමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ලබාගන්නට හැකි බවය.

එමෙන්ම එම ප්‍රහාරය තම රටේ සිදුවු විශාලතම අත්වැරැද්ද බවද ඔහු පැවසීය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු රොබට් ඕ බ්ලේක් මහතා

“එහිදි බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විශේෂයෙන් FBI සහ CIA සංවිධානය සහ විවිධ නීති ක්‍රියාත්මක කරවන ආයතන අතර නිසි සන්නිවේදනයක් සිදුකිරීමට අසමත්වුණා.

එබැවින් අන්තර් ආයතන සන්නිවේදනය හා සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා ජනාධිපති බුෂ් නව කමිටුවක් පිහිටුවීමට නියෝග කළා.

එමෙන්ම එක් එක් පුද්ගලයාට තනි තනිව මෙහිදි වගකීම් පැවරීම සිදුකෙරුණා. මේ නිසා එදා සිට කිසිදු විදේශ ත්‍රස්ත කණ්ඩායමක් අද දක්වා සාර්ථක ත්‍රස්ත ප්‍රහාරයක් අපට එල්ල කළේ නැහැ.

අපිට දේශිය වශයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධ ගැටලු පැවතුණත්. අයි.එස්.අයි.එස් සහ අල් – කයිඩා වැනි සංවිධාන පැරිසිය සහ වෙනත් තැන්වලදි ප්‍රහාර දියත් කළත් අපට ප්‍රහාර එල්ල කිරිමට අපොහොසත් වුණා.

ඇත්තටම මම හිතන්නේ මෙවැනි ඉහළ පෙළේ කණ්ඩායමක් සෑදිම තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාගත හැකියි. සැබැවින්ම අතීතය ගැන කතා කළොත් මෙවැනි කණ්ඩායමක් ඔබ සතුව සිටියා යුද්ධය පැවැති සමයේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කරන අවධියේ.

ඔහු පෞද්ගලිකව එය හෙඹවු අතර රට පුරා විහිදුණු බුද්ධි අංශවලින් ලබාගන්නා තොරතුරු බෙදාහදාගෙන එම තොරතුරු ජ්‍යෙෂ්ඨ මට්ටමේ පිරිස් දක්වා ලබාදෙනු ලැබුවා.

ඔවුන් එහිදි එම තොරතුරු විශේෂ අධ්‍යනයකට ලක්කෙරු අතර ඒ තුළින් ප්‍රහාරයන් එල්ල නොවිමට වගබලා ගනු ලැබුවා.

මම හිතන්නේ වත්මන් ආණ්ඩුව ඒ අයුරින් සිතන හා ක්‍රියාත්මකවන කිසියම් කණ්ඩායමක් නැවත ස්ථාපනය කිරිමට වගබලා ගැනීම වැදගත් කාරණයක් වනවා.

ඒ වගේම ශ්‍රී ලංකාව වඩාත් සැලකිළිමත් විය යුතු වනවා අයි.එස්.අයි.එස් හ වෙනත් අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වීමට අවස්ථාව නොදීමට. ”

– adaderana

Related posts

අමරවීර-දුමින්ද මහලේකම් ධුරවලින් ඉවත් කරන්න මධ්‍යම කාරක සභාවට යෝජනාවක් !

colombotoday

අතුරුගිරියේ අමානුෂික ඝාතනයේ සැකකරු අත්අඩංගුවට – සියල්ල හෙළිවෙයි

Admin

මුස්ලිම් නීතිය, කාති උසාවි, මද‍්‍රාසා පාසල් අහෝසි කරලා ලංකාවට ඉදිරියට යන්න බෑ- සමගි ජන බලවේගයේ ඉමිතියාස් බාකීර් මාකර් කියයි

colombotoday

ඉතිහාසයේ මුල්වරට කතානායක පුටුව පෙරළි බිම වැටෙයි.. ආණ්ඩුවට අසුභ නිමිත්තක් !!

colombotoday

මැතිවරණ කඩිනමින් කරන්නැයි, ඉල්ලා ඉදිරි පත්වූ පෙත්සම් සලකා බැලීමට දින දෙයි

Admin

“SITM හොර දොස්තරලාට අනුමැතිය දෙන්න මට බෑ.. වෛද්‍ය සභාවෙන් අස්වෙනවා” මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday