Colombo Today Local NewsUncategorized

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

කිලිනොච්චියේ උරුතිරපුරම් ශිවනගර් ප්‍රදේශයේ කෝවිලකට අයත් ඉඩමක තිබී විශාල ප්‍රමාණයේ ජීව ගුවන් බෝම්බයක් ඊයේ (27)දින පොලීසිය විසින් සොයාගෙන තිබේ.

කෝවිලේ සංවර්ධන කටයුතු සදහා බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන සිදු කළ එළි පෙහෙළි කිරීමකදී මෙම ගුවන් බෝම්බය පොළොවෙන් මතු වී ඇත.

මේ පිළිබදව කිළිනොච්චිය පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ එම බෝම්බය ඔවුන් භාරයට ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබාගෙන ගුවන් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

රාජ්‍ය මාධ්‍යයෙන් ඉස්ලාම් අන්තවාදය වපුරන බව ඇමතිත් පිළිගනී !

colombotoday

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණෙයි

colombotoday

පට්ටලේ සමීර STF අත්අඩංගුවට

colombotoday

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

colombotoday

බන්ධනාගාර බස් රථයකට වෙඩි – දෙමටගොඩ චමින්දට අසාධ්‍යයයි

colombotoday

පවුල් ආරවුල් මැද්දට පැන්න නෑනා මස්සිනාගෙන් වෙඩි කයි

Admin