Colombo Today Local News

‘දෙවැනි සටන‘ 27 නුගේගොඩින් ඇරඹෙයි.. අළුත් මුහුණු කිහිපයක් වේදිකාවේ

ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගැස්වීම සදහා ඒකාබද්ධ විපක්ෂය ‘දෙවැනි සටන‘ නමින් අරඹන විරෝධතා රැළි මාලාවේ පළමුවැන්න ලබන 27 වනදා නුගේගොඩින් ආරම්භ වීමට නියමිතය.

එම රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගින් අළුත් මුහුණු කිහිපයක් සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.

එම රැස්වීම කඩාකප්පල් කිරීමට මේ වන විටත් ආණ්ඩුව කටයුතු කරන බවත් සිය කණ්ඩායමේ ඇතැම් පිරිස් අත්අඩංගුවට ගැනීම් සිදුකරමින් සිටින බවත් අද (16) පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේය.

කෙසේ නමුත් රැස්වීම සාර්ථකව පවත්වන බව ඔහු පැවසිය.

මේ ආණ්ඩුව රටට සිදු කරන අහිතකර ක්‍රියාවන් එරෙහිව තම පිරිස කටයුතු කරන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related posts

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

colombotoday

නව අමාත්‍යවරුන්ට භාර විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

පී.සි ට පහරදුන් වැලිඅමුනේ හිටපු ප්‍රා.ස.මන්ත්‍රීට වැඩ වරදී

Admin

අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු සූදානම්

Admin

ජල නළ එළීමට කැපූ වළකට වැටී තරුණයෙක් ජිවිතක්ෂයට

colombotoday

අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවේ

colombotoday