Colombo Today Local NewsHot News

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

images

අන්තවාදීන් කිසි විටෙකත් රටේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන බවත්, ජිනීවා යෝජනාවට එරෙහිව බෙදුම්වාදය පෝෂණය කරන අන්තවාදී සංවිධාන මානව හිමිකම් කවුන්සිලයේදී කරුණු දැක්වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. යුද්ධයෙන් ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමුවා සේම මතවාදී වශයෙන් බෙදුම්වාදය පරාජය කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ. අමෙරිකානු සංචාරය නිමා කර දිවයිනට පැමිණීමෙන් අනතුරුව ජනාධිපති මන්දිරයේ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා එම අදහස් පළ කළා.
දීර්ඝ කාලයක් මෙරට සහ අන්තර්ජාතික ප‍්‍රජාවගේ කතාබහට ලක්වූ විදුලි පුටුව මින් ඉදිරියට කිසිවකුගේ අවධානයට ලක් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ විදුලි පුටුව සේම හයිබි‍්‍රඞ් අධිකරණය පිළිබඳවද මින් ඉදිරියට කිසිදු කතාබහක් ඇති නොවන බවයි. වත්මන් ආණ්ඩුවේ ප‍්‍රථම කාර්යය ලෙස රට බේරා ගැනීමේ මෙහෙයුමේදී ජගත් සංවිධානය හමුවේ තමන් තැබූ සලකුණ ඉදිරියට ගෙන යාම ජනතාවගේ කාර්යභාරයක් බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

Related posts

බන්ධනාගාරගත රැඳවියන්ට Sanitizer භාවිතය තහනම් කරයි

colombotoday

බැංකු නිලධාරිනියගේ නිවෙසට පැන දේපල කොල්ලකාලා

Admin

බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකුට තුවාල

Admin

බදු ඉහළ දැම්මත් සැර මත්පැන් පරිභෝජනය සීඝ්‍රෙයන් ඉහළට

colombotoday

“සර්“ ගැන සියළු තොරතුරු ජනපති අතේ.. පොලිස්පති ගැන තීන්දුවක් ගන්න සූදානම්

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට

Admin