Colombo Today Local NewsHot News

රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත කර ගැනීමත් සමග රට අරාජික තත්ත්වයකට පත්වූ බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ, මෙරට නිර්මාණය වන බරපතළ තත්ත්වය පිළිබඳ මිත්‍ර රටවලට අදහස් දැක්වීමට ශ්‍රී ලංකාවේ නියෝජිතයන් අවස්ථාව ලබානොදුන් බවයි.එමෙන්ම, ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එම මිත්‍ර රටවලට අවස්ථාව අහිමි වූයේ මෙරට ආණ්ඩුවේ ඉල්ලීම මත බවද ඒ මහතා කියාසිටියා. මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් අල් හුසේන් ඉදිරිපත් කළ යෝජනාවේම සෙවණැල්ලක් ඊයේ සම්මත වූ යෝජනාව තුළින් වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වන බවයි හෙතෙම සඳහන් කළේ. දේශීය යාන්ත්‍රණය පිටුපසින් විදේශීය නියෝජිතයන්ගේ ආගමනය කිසි ලෙසකින් වත් අත්හිටුවිය නොහැකි බවත්, එමගින් ශ්‍රී ලාංකික රණවිරුවා දරුණු අගාධයකට රැගෙන යනු ඇති බවත් දයාන් ජයතිලක මහතා අවධාරණය කළා.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකලාපයට එරෙහිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇති බවයි දයාන් ජයතිලක මහතා කියාසිටියේ.

Related posts

අප්‍රේල් මාසයේදී ඉන්දීය ජාතිකයන් 822ක් ලංකාවට ඇවිල්ලා.

colombotoday

ලාෆ්ස් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ඇරඹෙයි

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

colombotoday

“රට පාලනය කරන හැටි අපි හොදට දන්නවා.. උපදෙස් ඕන නෑ” – මංගල මහින්දට කියයි

colombotoday

අනුරට හෘදයාබාධයක්, රෝහල්ගත කරයි.

colombotoday

සූදු කෙලි යුද හමුදාවේ සිව් දෙනකු ඇතුළු 15ක් අත්අඩංගුවේ

Admin