Colombo Today Local News

අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවේ

රුපියල් 100,000ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත් ග්‍රාම නිලධාරිනියක් සහ එයට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 09, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව එම ග්‍රාම නිලධාරිනිය සහ එයට අනුබල දුන් පුද්ගලයා ඊයේ (27)දින අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පැමිණිකරු ඉල්ලූ පදිංචිය පිළිබඳ සහතියක් ලබා දීමට රුපියල් 100,000ක මුදලක් අල්ලසක් වශයෙන් ඉල්ලා එම මුදල ලබා ගැනීමේ දී අදාළ සැකකාරි හා සැකකරු ග්‍රාම නිලධාරී කාර්යාලය තුළදී එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති ග්‍රාම නිලධාරිනිය තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයක්තව රාජකාරි කරන අයෙකු බව වාර්තා වේ.

Related posts

සෑම මසකට වරක්ම පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට හමුවක්

colombotoday

ගංජා පැල 8,800ක් වටලා තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

වැඩ බලන ඇමැතිවරු 05ක් පත් කරයි

colombotoday

“මුස්ලිම් තොප්පි දමාගෙන බුදු පිළිම කඩනවා.. ඒකල්ල මුස්ලිම් අය අල්ලනවා“ – වියන්ගොඩ

colombotoday

හිරියාලෙන් සාලින්දගේ බිරිඳගේ නම පොහොට්ටුවේ ලස්තුවෙන් හැලේ. U K සුමිත්ට අපේක්ෂකත්වය

colombotoday

පොසොන් පොහොයට බන්ධනාගාරගත රැදවියන් සිල්සමාදන් වෙයි

colombotoday