Colombo Today Local News

ආච්චිගේ හැට හැවිරිදි පෙම්වතා මිනිපිරිය කෙළෙසයි

මව අතහැර ගොස් පියා බන්ධනාගාරගතව ආච්චිඅම්මා භාරයේ සිටි අවුරුදු 15 යි මාස 09ක් වයසැති බාල වයස්කාර දැරියට අතවර කළ ආච්චිඅම්මාගේ 60 හැවිරිදි අනියම් සැමියාව ලබන 02 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. එස්. එම්. මහේන්‍ද්‍රරාජා මහතා 25 වැනිදා නියම කළේය.

වැලිවේරිය රතුපස්වල පදිංචිකරුවෙක් මෙසේ රිමාන්ඞ්භාරයට පත්කෙරුණි.

අච්චාරු වෙළෙඳාමේ නිරතවන ආච්චි නිවසින් බැහැරව සිටින අවස්ථාවේ අරක්කු රැගෙන නිවසට පැමිණ ඇති සැකකරු දැරියට බලෙන් අරක්කු පොවා අතවර සිදුකර ඇති බවත්, ඉකුත් පෙබරවාරි මාසයේ පටන් සැකකරු දැරිය බියගන්වා මෙසේ අතවර සිදුකර ඇති බවට පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි වැලිවේරිය පොලිසියේ උප පො. ප. ජයලත් මහතා පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ පැවසීය. වින්දිත දැරිය විවාහ වී සිටින තම සොහොයුරියට සිද්ධිය පැවසීමෙන් පසු සිද්ධිය අනාවරණය වී ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

Related posts

මරික්කාර් කිලී ගේ කණෙන් රිංගයි.. සිරස හොම්බෙන් යයි.. ජනප්‍රිය තරු පෝළිමේ එළියට !

colombotoday

දේපොළවලට හානි කිරීමෙන් වළකින්න – ආරක්ෂක ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

දිස්ත්‍රික් සහ පළාත් අතර සත්ව මස් ප්‍රවාහන තහනම ඉවතට

Admin

සුපිරි වෙළෙඳ සැලක් තුළ හිමිනමකට පහර දී කොල්ල කලා

Admin

මාලිමා දෙකොන පත්තු වෙන දේශබන්දු පොලිස් නාඩගම

colombotoday

රනිල් – සජිත් රහසේ හමුවෙති

colombotoday