Colombo Today Local News

ගිලන්රථ සේවාව බිසි. කොරෝනා ආසාදිතයා පීසීආර් කරගන්න කි.මී. 20ක් පයින්ම රෝහලට ගිහින්

පීසීආර් පරීක්‍ෂාවක් කර ගැනීම සඳහා දමුනුපොළ අටුගොඩ පදිංචි අයකු කිලෝමීටර් 20ක් පා ගමනින් කෑගල්ල මහරෝහලට පැමිණීමේ පුවතක් වාර්තා වී තිබේ.

පවතින සංචරණ සීමා ඇඳිරි නීතිය සමඟ වාහනයක් සොයා ගැනීමට නොහැකිවීම නිසා කොරෝනා පරීක්‍ෂාව සඳහා රෝහලට යෑම පිළිබඳව ඇසූ සියලූ ත‍්‍රිරෝදරථකරුවන් හා කුලී වාහන හිමියන් ඒ සඳහා ඉදිරිපත් නොවීම නිසා ඔහුට මෙසේ පා ගමනින් මෙතරම් දුරක් යෑමට සිදු වී තිබේ.

ප‍්‍රදේශය තුළ ඇති සුවසැරිය ගිලන්රථ සේවාව තුළින් නිතර ‘බිසි‘ යන වදන ඇසීම හා මීට පෙර දියණිය රෝහලට රැගෙන යෑම සඳහා සුවසැරිය ගිලන්රථ සේවයට දැන්වීමෙන් පසු දින 3කට පසු පැමිණීම ද නිසා එම උත්සාහය ද අසාර්ථක වී තිබේ.

අලූයම් කාලයේදී නිවසින් රෝහල වෙත පා ගමනින්ම පැමිණි ඔහුට සිදුකළ පරීක්‍ෂාවේදී ඔහු ආසාදිත බව තහවුරු වීම සමඟ නැවත නිවසට යෑමේදී අතරමග අවදානම සමඟ රෝහලේ රැඳී සිට තිබේ. එහිදී තම ගම් ප‍්‍රදේශයේ අයකු හමුවී තමා ද කොරෝනා පරීක්‍ෂාවට පැමිණි බවත් තමාත් ආසාදිත අයකු වුවහොත් දෙදෙනාම තමා පැමිණි ත‍්‍රිරෝද රථයෙන් යමු යැයි කළ යෝජනාවට අනුව තවදුරටත් රෝහලේ රැඳී සිට තිබේ. එහිදී එම පුද්ගලයා ද ආසාදිත අයකු බව තහවුරු වීම නිසා දෙදෙනාම එම පුද්ගලයාගේ ත‍්‍රිරෝද රථයෙන් නැවත ගමට ගිය බව ද එම පුද්ගලයා පැවසීය.

Related posts

රන්ජන්ට එරෙහිව විරෝධතා.. පරිපාලන නිලධාරීන් සේවයෙන් ඉවත් වෙති !

colombotoday

පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය අක්‍රීය වේ

Admin

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

Admin

මහින්දගේ දේශපාලන වයපරයත් එක්ක හැප්පෙනවා බොරු – 2020 ගෝඨා ජනාධිපතිවීම නියතයි – නිර්මාල්

colombotoday

සැකකරුවන්ට උපරිම දඩුවම් ඉල්ලා ඩයගම වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂනයක.

colombotoday

සාම්පල 88කින් ආසාදිතයින් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6ක් හඳුනා ගැනේ

colombotoday