Colombo Today Local News

පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය අක්‍රීය වේ

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය පෙබරවාරි 29 වනදා සිට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

ඒ සඳහා භාවිත කරන “ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය” පෙබරවාරි 29 වනදා බිඳ වැටී ඇති අතර එය මේ වනතෙක් යථා තත්ත්වයට පත්කර නොමැති බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පැවසීය.

ඒ හේතුවෙන් දිනකට කුඩා දරුවන් 10 – 15 අතර ප්‍රමාණයක ප්‍රතිකාර කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව සඳහන් ය.

පිළිකා රෝගියෙකුට පෞද්ගලික රෝහලකින් මෙම පිළිකා ප්‍රතිකාරක ලබාගැනීමට රුපියල් ලක්ෂ 7 – 17ත් අතර මුදලක් වැය කිරීමට සිදුවෙන බවද ඔහු පැවසීය

Related posts

මධූෂ්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා.. අත්අඩංගුවට ගැනීම වලක්වන්න – පුංචිඅම්මාගෙන් පෙත්සමක්

colombotoday

රාජකාරිය කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක්

Admin

“කලබල වෙන්න එපා.. ගිය ආණ්ඩුවේ දූෂිතයන් හිරේ දානවා” – ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා අස්සේ අමරවීර පරණ කතාවම කියයි

colombotoday

වැඩි කරන ලද විශ්‍රාම වැටුප ඉල්ලා විශ්‍රාමිකයින්ගෙන් පෙත්සමක්

colombotoday

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ‘රාවණා 1‘ කක්ෂගත කිරීමට සූදානම්

colombotoday

මූලික අවශ්‍යතා සපුරා ගන්න හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් දෙන්න

Admin