Colombo Today Local News

රාජකාරිය කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක්

පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (09) උදෑසන කාලයේදී කපුගොල්ලෑව පොලිස් වසමේ අලියාකඩ ප්‍රදේශයේ දී එම සිදුවීම සිදුව ඇත.

එම ප්‍රදේශයේ පැමිණිල්ලක් විභාග කිරීමට ගිය කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරින් දෙදෙනෙකුට එසේ පහරදී රාජකාරියට බාධා කර ඇත.

එසේ රාජකාරියට බාධා කර ඇත්තේ, අවුරුදු 21, 23 සහ 24 වයස්වල පසුවන අලියාකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

පහරදීමෙන් තුවාල ලබූ පොලිස් නිලධාරින් කපුගොල්ලෑව රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් අද (10)දින කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කුඩු ගහන ඇමතිලා ගැන හොයන සිව් පුද්ගල කමිටුව හෙට රැස්වෙයි…

colombotoday

අදට දින 7යි.. මහ වැස්සේ තෙමි තෙමී ආබාධිත රණවිරුවෝ තවමත් මහ පාරේ

colombotoday

බැදුම්කරය ගැන කතාකරන සර්වපාක්ෂික නායක හමුවට ජවිපෙ, ඒ්කාබද්ධය, TNA නොයයි

colombotoday

වන ජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

Admin

ශ්‍රී ලංකාව මන්දපෝෂණ‍යෙන් ලෝකයේම 5වන තැනට

Admin

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ !

colombotoday