Colombo Today Local News

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි මුතුරාජවෙල ගොඩ කිරීමට පහත් බිම් ගොඩකිරීමේ සංස්ථාව ගෙන ඇති තීරණයට විසදුමක් ලබා දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගතයුතු බවට අද(27)දින පැවති ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී තීරණය කර තිබේ.

කමිටු සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර මෙහිදී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා යන මහත්වරුන් සදහන් කර සිටියේ ප්‍රදේශයේ ආගමික නායකයින් සහ ජනතාවගේ විරෝධතාය නොසලකා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් විශාල ප්‍රශ්ණයක් සිදුවිය හැකි බවත් එසේ වුවහොත් ජනතාව සමග තමන්ටද එක්වීමට සිදුවන බවත්ය.

Related posts

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday

අමාත්‍යංශයක හා රාජ්‍ය අමාත්‍යංශ 2ක විෂය පථ යළි ගැසට් කෙරේ…

colombotoday

පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව ඩෝසර් කරලා

colombotoday

ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමන් එළවා දැමීම ගැන ආචාර්ය නිර්මාල් මෙසේ කියයි

colombotoday

වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්න – අද සිට කොළඹින් පිටටත් ගෑස්

colombotoday

එජාපයේ නවීන් ඉල්ලා අස්වෙයි

colombotoday