Colombo Today Local News

හොර පාරෙන් ගෙනා ‍සන්නිවේදන උපකරණ සමඟ තිදෙනෙක් කටුනායකදී අල්ලයි

නිතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සන්නිවේදන උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් 22, 27 හා 46 වයස්වල පසුවන කොළඹ 10 පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ සිට පිටව යාමට සුදානම් වු මොටර් රථයක් පරික්ෂා කිරිමේදි එම සන්නිවේදන උපකරණ තොගය සොයාගෙන තිබේ.

එහිදි නිතිවිරෝධීව මෙරටට රැගෙන එන ලද ලැප්ටොප් 09 ක්, ස්මාර්ට් ජංගම දුරකථන 121, කුඩා ජංගම දුරකථන 100 ක්, චාජර් 240 ක්, දුරකථන බැටරි 240 ක් සහ දුරකථන ඇසුරුම් 240ක් සොයා ගෙන ඇත.

සිද්ධීය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කෙරේ

colombotoday

ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියොත් වෙනදේ බලාගමු !

colombotoday

බදියුදීන් අයිය මලෝගේ ජාවාරමෙන් ලංකාවේ ගම්මිරිස් කර්මාන්තය හාන්සියි…

colombotoday

රැකියාවක් දෙන්න ලක්ෂ 3ක් ගත්තා. වැඩකලේ ජාතිවාදී ලෙසයි. කබීර්ට විරුද්ධව සිරිකොතට පැමිණිලි ගලා එයි

colombotoday

ඉන්ධන නැතිව විදුලි බලාගාර 8ක් නවතී

colombotoday

ඩෙවොන් දිය ඇල්ලෙන් වැටුණු තරුණිය සොයා යුධ හමුදාවෙන් 6 වෙනි දිනටත් මෙහෙයුම්

colombotoday