Colombo Today Local News

ඩෙවොන් දිය ඇල්ලෙන් වැටුණු තරුණිය සොයා යුධ හමුදාවෙන් 6 වෙනි දිනටත් මෙහෙයුම්

ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට ගොස් අතුරුදහන් වු තලවකැලේ ලිදුල වොල්ට්‍රිම් වත්තේ ලෙන් තොමස් කොටසේ පදිංචි 19 හැවිරිදි මනි පවිත්‍රා තරුණිය සොයා යුධ හමුවේ භට පිරිස් 6 දිනටත් දිය ඇල්ලේ මෙහෙයුමක් දියත් කර ඇත.

යුධ හමුදා 58 වන සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් චමිපික රණසිංහ මහතාගේ උපදෙස් පරිදි හැටන් කොටගල 5 විජයබා රෙජිමේන්තුව සහ කමාන්ඩො සෙවිම් සහ මුදවා ගැනිමේ මෙහෙයුම් කණ්ඩායම් විසින් (23) දින සිට අතුරුදහන් වි ඇති තරුණිය සොයා පවතින දැඩි අයහපත් කාලගුණයද නොතකා අඩි 297 උසැති ඩෙවොන් දිය ඇල්ලෙන් පහලට බැස ඇළ දිගේ අතුරුදහන් වු තරුණිය සොයා දැඩි අවධානමක් සහිත දිය ඇල්ල ප්‍රදේශයේ මෙහෙයුම තවදුරටත් දියත් කර ඇත.

අතුරුදහන් වු තරුණිය ඉකුත් 18 දින ඇයගේ යෙහෙලියන් තිදෙනෙකු සමග ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට පැමිණ දිය ඇල්ලට ඉහලින් ගල් තලාව මතට බැස ඡායාරුප කිහිපයක් ගන්නා ලෙසට යෙහෙලියන්ට පවසා ඩෙවොන් දිය ඇල්ලට ජලය ඇද හැලෙන අවධානම් ප්‍රදේශයට ගිය අවස්තාවේ ඇය ඩෙවොන් ඇලට වැටි අතුරුදහන් වි ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

හිරුණිකා රනිල්ට අලුත් නමක් දායි

colombotoday

ඥාණසාර හිමියන් ගැන දෙමළ මාධ්‍යවල ව්‍යාජ පුවතක් !

colombotoday

ජවිපෙ – දෙමළ සන්ධාන හවුල් ආණ්ඩුවක් !!

colombotoday

F & G තැන්පත්කරුවන් කබලෙන් ලිපිට.

colombotoday

දෙහිවල සත්වෝද්‍යානයේ ඔරං ඔටං සහ චිම්පන්සින්ටත් කොරෝනා

colombotoday

වකුගඩු ඡාවාරමේ විමර්ශන වලදී වෘෂණ කෝෂ ජාවාරමකුත් හෙළිවෙයි

Admin