Colombo Today Local NewsTop Stories

අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වැදීමට ළමුන්ට පුරුදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවැසීය.

අනුරාධපුර මහඉලුප්පල්ලම මහා විදුහලේ පැවැති ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න  පුරුදු කරන්න එපා. විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට  වදින්න පුරුදු කළාට කමක් නෑ. අපි වගේ එවුන්ට ළමයින්ට හිස නමන්න දෙන්න එපා.

අද පාර්ලිමේන්තුව ගියත් මට කනගාටුයි. ආණ්ඩුවේ අය විපක්ෂයේ අයට පට්ට හොරු , කම්බ හොරු කියනවා, මේ වගේ දරුවෝ තමයි ලොකු වෙලා මේවායේ තනතුරු වලට යන්නේනේ. ඒ නිසා ඔබලාගේ දරුවෝ හොඳට හදන්න. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

උදයංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට ගනී..

colombotoday

රුපියල් 5000 සේ හොර නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් කොටු

colombotoday

යාපනේ ප්‍රතිඵලයෙන් තත්ත්වය උඩු යටිකුරු වෙයි – ගෝඨාභය අබිභවා සජිත් ඉදිරියට !

colombotoday

අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වේ..

colombotoday

කොළඹට එන දුර ගමන් සේවා බස් රථ යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර

colombotoday

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Admin