Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂය ‘දෙවැනි සටන‘ ට සැරසෙයි !

ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගැස්වීමේ අරමුණින් ‘දෙවැනි සටන’ නමින් විරෝධතා රැලි මාලාවක් දිවයින පුරා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (3දා) නෙලුම් මාවත කාර්යාලයේ පැවැති ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පළමු විරෝධතා ජනරැලිය මේ මස 24 වැනිදා නුගේගොඩ නගරයේදී පැවැත්වීමට නියමිතය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ විරෝධතා රැලි සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රිවරුන් සහභාගි වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.

හම්බන්තොට වරාය චීනයට පවරාදීම, නව ව්‍යවස්ථාව, එට්කා ගිවිසුම, බඩු මිල ඉහළ යෑම, බදු මිල ඉහළ දැමීම, ආණ්ඩුවේ දරදඬු පාලනය ඇතුළු කරුණු රැසක් මුල් කර ගනිමින් මෙම විරෝධතා රැලි පැවැත්වීමට සූදානම් කර ඇත.

මැතිවරණය කල්දැමීමට පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සිතා මතා සිදු කරනු ලබන ක්‍රියාදාමයට එරෙහිව සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ලිපියක් යොමු කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බවත් එසේ නොවන්නේ නම් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

මූලාශ්‍රය Mawubima

Related posts

“පාලකයන් රටට අත්කර දුන් විනාශය ගැන සියලුම දෙනා බදා වැළඳගෙන හැඬිය යුතුයි”

colombotoday

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආයතන රැසකින් කෝටි 77300ක් පොලු තියලා

Admin

තමන්ට වෙන්න යන දේ ගැන ඥානසාර හිමි මාර්තු මාසයේදී කල ප්‍රකාශය

colombotoday

සියලුම පාසල්වල ජනපති රුව ප්‍රදර්ශනය කිරීමට නියෝග !

colombotoday

ලංකාවේ ප්‍රගතිය ගැන අල් හුසේන් සතුටින් !

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති යටතේ !

colombotoday