Colombo Today Local News

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආයතන රැසකින් කෝටි 77300ක් පොලු තියලා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන සහ පුද්ගලයන් රුපියල් කෝටි හැත්තෑ හත්දහස් තුන්සියයක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණයවි තිබේ.

එම දෙපාර්තමේන්තුවට හිඟ බදු, දඩ සහ පොලී වශයෙන් මෙම මුදල ලැබිය යුතුව ඇත.

මේ මුදලෙන් රුපියල් කෝටි විසි දහස් එකසියයක් (බිලියන 201) කිසිඳු නීතිමය ගැටලුවකින් තොරව අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත් රුපියල් කෝටි පනස් දහස් දෙසීයක් (බිලියන 572) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටවා ඇති මුදල් වශයෙන් හදුනාගෙන ඇති බවත් කෝපා කමිටුව පවසයි.

මේ අතර රුපියල් කෝටි 1000 ක් වැයකර සකස් කළ රමිස් (RAMIS) පද්ධතිය නිසි ක්‍රියාකාරී මට්ටමක නැතැයිද මෙහිදී තොරතුරු අනාවරණය වි තිබේ.

Related posts

මිතුරාගේ පිහිපහරින් තරුණයෙක්‌ මරුට

colombotoday

උද්ධමනය අඩුවුණේ 2023 අයවැය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසායි

Admin

මන්ත්‍රීවරුන්ගේ රථගායට අය වැයෙන් පොල්ලක්… වාහන පර්මිට් අහෝසියි

colombotoday

හෙට දින රෝහල් 10ක වැඩ වර්ජනයක්

Admin

අත්හිටුවා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා යළි ඇරඹේ

colombotoday

පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි

Admin