Colombo Today Local News

පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි

පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයමින් ඇති බවට වාර්තා වේ.

පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්නයේ කපුටන් ඊයේ (07) උදෑසන සිට මියයමින් පවතී.

පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ, මෙලෙස කපුටන් මියයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් පුත්තලම නගර සභාවට ද තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබාගැනීමටත් පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර ඇත.

Related posts

හෙට IOC තෙල් බෙදන පිරවුම්හල් ලැයිස්තුව

colombotoday

පොලිස් සෝදිසියකදී වැලි අස්සෙන් දැව මතුවෙයි

Admin

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

Admin

ධනුෂ්ක ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

Admin

සිවාජිලිංගම් සහ හිස්බුල්ලා ඇප තබති. – මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන්. 41ක් ඇප බඳිති

colombotoday

සිල්රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස්

colombotoday