Colombo Today Local News

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43කට පසු අලුත් වෙයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43 කට පසුව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරමින් පැවසීය.

ජාත්‍යන්තර සම්මතයන්ට සහ වඩාත් හොඳම භාවිතයන්ට අනුකූලව සකස් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ විදේශ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (26)දින පැවති නව වසර සඳහා වන ප්‍රථම රාජ්‍යතාන්ත්‍රික හමුව අතරතුර දී රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අමතමිනි.

මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානයට අදාළ ප්‍රගතිය පිළිබඳ තොරතුරු පෙබරවාරි මස අවසන් සතියේ ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ප්‍රථම හුවමාරු කරගැනීම, මෙම හමුවේ අරමුණ විය.

යෝජිත සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත ගැසට් කර ඉන් අනතුරුව අවසන් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ද ඇමතිවරයා කීවේය.

රැඳවුම් නියෝග, සීමා කිරීමේ නියෝග, නියෝග පිළිබඳ අධිකරණ සමාලෝචන කඩිනම් ලෙස පිළිගැනීම, දීර්ඝ කාලීනව රඳවා තබා ගැනීම වැළැක්වීම සඳහා චෝදනා ලැබූවන්ගේ නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා වන වගන්ති අවලංගු කිරීම, මහේස්ත්‍රාත්වරුන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රවේශය පිළිබඳ විධිවිධාන හඳුන්වා දීම, රැඳවුම් කාලය තුළ හිංසනයන් සහ වධහිංසා පැමිණවීම වැළැක්වීම, පවුලේ අය සමඟ අදහස් හුවමාරු කිරීමේ අයිතිය, දිගුකාලීන රැඳවියන්ට ඇප ලබාදීම සහ එදිනෙදා නඩු විභාග කිරීම යනාදී පරිච්ඡේද සම්බන්ධයෙන් වන සුවිශේෂී සංශෝධන ඊට ඇතුළත් බවත් ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ ය.

දීර්ඝ කාලීන රැඳවියන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස්දීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය යටතේ උපදේශක මණ්ඩලයක් පිහිටුවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් හෝ සීමා කිරීමේ නියෝගයක් ලබා ඇති ඕනෑම පුද්ගලයෙකුට එම නියෝගය සමාලෝචනය කිරීම සඳහා ඉල්ලීමක් යොමු කිරීමට අවස්ථාවක් ලබා දීම ආදිය ඊට ඇතුළත් බව ඇමතිවරයා කීවේය.

Related posts

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

colombotoday

දන්සල් දෙනවනම් කොන්දේසි 6ක්…

colombotoday

කැලණි ගඟට වැටුණු සැරයන්ගේ සිරුර දින 7කට පසු හමුවෙයි

Admin

ගෑස් – විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඇති වේවි

colombotoday

සා.පෙළ ප්‍රතිඵල තවත් දින දෙකකින්

Admin