Colombo Today Local News

පේරාදෙණිය සරසවි‍යේත් සිසුන් 64කට කොරෝනා

පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 64 දෙනෙකු කොරෝනා අසාදිත වීමෙන් විශ්ව විද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය උපකුලපතිවරයා,

“විශ්ව විද්‍යාලය 100% ක් විවෘත කිරීම අපහසු බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් උපරිම සිසුන් සංඛ්‍යාව විශ්වවිද්‍යාලය තුළ රඳවා ගනිමින් අවශ්‍ය අධ්‍යයන කටයුතු වල යොදවන බවද නියෝජ්‍ය උපකුලපතිවරයා සඳහන් කළේය.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සිසුන් දැනට මාස 03– 04 ක් තිස්සේ සාමාන්‍ය ආකාරයෙන් අධ්‍යන කටයුතුවල නිරත වෙනවා. සමහර සිසුන් කණ්ඩායම් මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතුවල යෙදෙනවා කැඳවිය යුතුඅනෙක් සෑම කණ්ඩායමක්ම අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයට කැඳවා තිබෙනවා .මේ වන විට සිසුන් 4,400 කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකාගාර වල රැඳෙමින් අධ්‍යයන කටයුතු වල නිරත වනවා . ප්‍රායෝගික පුහුණුවීම් හා විභාග කටයුතු සඳහා අවශ්‍ය සිසුන් කැඳවනවා .වෛද්‍ය පීඨයේ, දන්ත වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේසිසුන් ඔවුන්ට අවශ්‍යසායනික පුහුණුවීම් කටයුතු වල ද යෙදෙනවා.

රෝගය සිසුන් අතරසම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා අපගේ වෛද්‍ය පීඨයේ සුද්‍රජීවී විද්‍යා පිළිබඳ විශේෂඥයන් එකතුව කමිටුවක් සකසා තිබෙනවා . ඒ අය අපට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දෙනවා . ක්‍රීඩා පිටි, ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, පවා එම කමිටුවේ මාර්ගෝපදේශයන්ට අනුව විවෘත කර තිබෙනවා.”

Related posts

තෙල් මිළ අඩු නොකළොත් පාරට බහිනවා !

colombotoday

රනිල්ගේ කට බොරු කීවත් සුමන්තිරන්ගේ දිව බොරු නොකියයි… අලුත් ව්‍යවස්ථාවෙන් රට ෆෙඩරල් කරන හැටි කියයි…

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට දෙවන වරටත් වරෙන්තු

colombotoday

නීති විරෝධීව රත්‍රං ගෙන ආ අලි සබ්‍රි වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමේ තීරණයක්..

Admin

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ පොලිස් ලොක්කාට අධිකරණ නියෝගය අසා වමනේ යයි

colombotoday

විපක්ෂ නියෝජිතයින් පත් නොකිරීම නිසා ආංශීක අධීක්ෂණ කාරක සභා සක්‍රිය කිරීමට නොහැකියි – ජනපතිට කතානායකගෙන් පිළිතුරු

Admin