Colombo Today Local News

විපක්ෂ නියෝජිතයින් පත් නොකිරීම නිසා ආංශීක අධීක්ෂණ කාරක සභා සක්‍රිය කිරීමට නොහැකියි – ජනපතිට කතානායකගෙන් පිළිතුරු

ආංශීක අධීක්ෂණ කාරක සභා සක්‍රීය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූවත්, විපක්ෂයෙන් ඒ පිළිබඳව සුබවාදී ප්‍රතිචාරයක් නොලැබිම නිසා අදාළ කටයුතු අඩාල වී ඇතැයි කතානායකවරයා පවසයි.

ආංශික අධීක්ෂණ කාරක සභා 17 ත් පිහිටුවිය යුතු වුවත්, ඒ සඳහා සභාපතිවරු පත්කර නොමැති බව කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මේ හේතුවෙන් දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව ප්‍රමාද බව, ජනාධිපතිවරයා එම ලිපියෙන් කථානායකවරයාට පෙන්වා දී තිබේ.

එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු අදාළ නියෝජිතයින් පත් කිරීමේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව කථානායකවරයා පැවසී ය.

Related posts

Online පනතේ සංශෝධනය තවත් මාසයකින්

Admin

ඇඳිරි නීතිය කඩ කළ 51ක් අත්අඩංගුවේ

colombotoday

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

Admin

අරගලයෙන් ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක්… හානි වුණු තණ කොළ වවන්න ලක්ෂ 47 ½ ක් යයි.

colombotoday

ඇමතිකම නමට විතරයි – රනිල් සහ රවී සමග කබීර් හෂීම් ගැටෙයි

colombotoday

ඇමති මන්ඩලේ දිවුරුම් දෙයි…

colombotoday