Colombo Today Local News

“පඩියත් හොදටම මදි.. දීමනා තව ඕන.. සැප වාහන නැතිව ගමන් බෑ, ඇගට හොද නෑ“ එස්.බී

මන්ත්‍රී දීමනා ලබා නොගෙන තමන්ට ආදර්ශ ලබාදීමට නොහැකි බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ඊයේ (27දා) පැවසීය.

නිතර ඇවිදින අය වශයෙන් ටිකක් හොඳ මෝටර් රථයක යා යුතු බවත්, එසේ නොවුවහොත් වයසත් සමග එය එතරම් ඇඟට ගුණ නැති බවත් කී ඒ මහතා, තමන් නිතරම නිරෝගීව සිටීමට කැමැත්තක් දක්වන බවද පවසා සිටියේය.

තමාගේ වැටුප් පත්‍රිකාව කිසි දිනෙක බලා නැති බවත්,එය බැලීමට තමන්ට වෙලාවක් නොමැති බවත් ඇමතිවරයා කීය. තම බිරිඳ විසින් තමාගේ වැටුප ලබාගෙන වියදමට මුදලක් තමාගේ අතට ලබාදෙන බවත්, වැටුප කීයක් ලැබුණේදැයි තමා සොයා නොබලන බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන්ට ලබාදෙන වැටුප ප්‍රමාණවත් නොමැති බවත්, සැපපහසුව අඩු වාහනවල ගොස් ශරීර සෞඛ්‍යය නැති කරගැනීමට බැරි බවත් හෙතෙම සඳහන් කළේය. “දීමනා දිය යුතුයි. මොකද අපට ලැබෙන්නේ පුංචි පඩියක්. එහෙම දීමනා නොදුන්නොත් මන්ත්‍රීවරු වෙනත් විදිහකට මුදල් උපයන්න බලනවා“ යැයිද ඇමතිවරයා කීය.

Related posts

සෞඛ්‍ය වෘත්තිය ‍වේදින්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

colombotoday

මත්තලට ආ එකම ගුවන් ගමනත් නවතා දමයි

colombotoday

පැලවත්තේ දැවැන්ත විරෝධතාවක්

Admin

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

colombotoday

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin

පා. මන්ත්‍රී කොට්ටහච්චිට අපහස කල ප්‍රා. සභාවේ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

Admin