Colombo Today Local News

මැයි 9 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුවේ සාක්ෂි විමසීම අවසන්

දිවයින පුරා සිදු වූ මැයි 9 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ සාක්ෂි විමසීම අවසන් කර තිබේ.

නිලධාරීන් 35 දෙනෙකුගෙන් පමණ සාක්ෂි විමසූ බව එම කමිටුව සඳහන් කරයි.

හිටපු යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරු ඒ අතර වේ.

මැයි 9 වැනි දා දිවයිනේ සිදු වූ ප්‍රහාර වළක්වා ගැනීමේදී ආරක්ෂක අංශවලින් අඩුපාඩුවක් සිදුවූවාදැයි සොයා බැලීම මෙම කොමිෂන් සභාව විසින් සිදු කෙරේ.

මෙහි වාර්තාව කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නියමිතය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතායි.

එහි සෙසු සමාජිකයින් ලෙස හිටපු හමුදාපති දයාරත්නායක, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිල යන මහත්වරුන් කටයුතු කරනු ඇත.

Related posts

නව අගමැති ලේකම් සමන් ඒකනායක

colombotoday

LMG අවිය TIDයෙන් එළියට ගත්තේ මෛත්‍රී,මහින්ද,ගෝඨාභය ඝාතනය කිරීමටයි….

colombotoday

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Admin

රට පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

colombotoday

අද කාලගුණය

colombotoday

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin