Colombo Today Local News

ප්‍රගීත් එක්නැලිගොඩ මරා දැමූ බවට හෝ මැරුණු බවට සාක්‍ෂි නෑ – හෝමාගම මහේස්ත්‍රාත්

ltte spy eknaligoda

ප්‍රගීත් එක්‌නැලිගොඩ මරා දැම්ම බවට හෝ මැරුණු බවට කිසිදු සාක්‍ෂියක්‌ නොමැතිව දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව කටයුතු කරන්නේ කෙසේ දැයි හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග ප්‍රභාත් අබේසිංහ මහතා මෙසේ විමසා සිටියේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් හයදෙනකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන ප්‍රගීත් එක්‌නැලිගොඩ නඩුව ඊයේ (25 දා) විභාගයට ගත් අවස්‌ථාවේදීය.

මෙහිදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූ බව කියන ඉකුත් 2009 වසරේ ජනවාරි 24 දින සිට ඒ පිළිබඳ සිදු කෙරුණු විමර්ශන අඩාළ වූ ආකාරය සහ වත්මන් රහස්‌ පොලිස්‌ විමර්ශනයට අනුව කරුණු හෙළිවූ අන්දම පිළිබඳ දීර්ඝ විස්‌තරයක්‌ අධිකරණයට ඉදිරිපත් කළ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස්‌ මහතා ප්‍රගීත් එක්‌නැලිගොඩ අවසන් වරට ගිරිතලේ හමුදා කඳවුරේ රඳවා සිටි බව අනාවරණය වී තිබෙන බව සඳහන් කළේය.

රජයේ හමුදා කඳවුරක සිටි ඔහු මරා දමන්නට ඇතැයි උපකල්පනය මත සැකකරුවන්ට එරෙහිව කරුණු වාර්තා කළ බවද සඳහන් කළ දිලීප පීරිස්‌ මහතා ප්‍රගීත් එක්‌නැලිගොඩ මැරුවාද අතුරුදන් කළේ ද යන්න නිශ්චිතව පැවසිය නොහැකි බවද පැවසීය.

යම් පුද්ගලයකු මියගිය බව නිශ්චිතව තහවුරු වීමක්‌ නොමැතිව 296 වගන්තිය යටතේ කරුණු ඉදිරිපත් කිරීමට නීතියේ ඉඩක්‌ තිබේ දැයි මහෙස්‌ත්‍රාත්වරයා මෙහිදී නැවතත් විමසා සිටියේය.

දිවයින

එක්නැලිගොඩ යුරෝපයට පැන ගිය බවට තොරතුරු

Related posts

ජාවරම්කරුවන්ගේ රුපියල් ලක්ෂ 1,060ක දේපොළ පොලිස් භාරයට

Admin

අම්බලන්තොට තැපැල් කාර්යාලය වසා දැමේ

colombotoday

මා සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා

colombotoday

රුසියාවේ අසහාය නායකයා පූටින්.. 76%ක ජනතා කැමැත්තෙන් සිවුවැනි වරටත් ජනපති ධුරයට

colombotoday

ටෝකන් එකට එන්නත දෙන්න හැදූ මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි

colombotoday

ජනපති මැදුරේ “භූගත නිවස්නය“ හැදුවේ ඇයි? හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළිකරයි.

colombotoday