Colombo Today Local News

ජපන් ආයෝජකයන් හමුවූ ගෝඨාභයගෙන් රට වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් !

15555562_10208487361328074_1226599659_o  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන රාජ්‍ය ලේකම් කාර්යාලයේ දී ජපන් රජයේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමති වර්තමානයේ ජපාන රජයේ රාජ්‍ය නිවාස අමත්‍ය යමමොටෝ රියෝටා ටකේඩා (Ryota Takeda ) මහතා හමුවිය. ඒ සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන සහ නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරුන් ද සහභාගි විය.

එහිදී 30 වසරක යුද්ධය නිම කිරීම වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ඇගයීමකටද ලක් කරන ලදී. කොළඹ නගරය සංවර්ධනය කිරීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතාට සුවිශේෂි ස්ථානයක් හිමිවන බව ආර්ථික කටයුතු අමාත්‍යවරයා පැවසු අතර ජපානයේ නගර සංවර්ධන හුවමාරු කරගැනිම වෙනුවෙන් ජපන් රජයේ ස්තුතිය හිමිවන බවද පැවසුවා.15628624_10208487361288073_1731605598_o

එදිනම ටොකියෝ නගරයේ දී ජපානයේ විශේෂ සාම නියෝජිත යසුෂි ආකාෂි මහතා සමඟ සුහද හමුවක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදි යුද්ධය නිමාවීමෙන් පසු උතුරේ සාමය උදාකරලීම සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකල ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ඇගයීමකට ලක් කරන ලදි. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා සහභාගි විය.

15556210_10208487361368075_1108132731_oඉන් අනතුරුව ටෝකියෝ නගරයේ දී ජපානයේ විශාලතම ආයෝජන සමාගම් වල හිමිකරුවන් විසින් සංවිධානය කරන ලද විශේෂ හමුවකට ද ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි විය. මෙහි දී ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකාවේ ආයෝජනය කිරීමට සියලු අයෝජකයින්ට විවෘත ආරාධනාවක් කල අතර ආයෝජන අවස්ථා වෙනුවෙන් ශ්‍රි ලංකාව විවෘත බවද ප්‍රකාශ කලා. මෙම හමුව සදහා ආයෝජකයින් 25 දෙනකු සහභාගි වුණා.

Related posts

පාස්කු වින්දිතයෝ හිටපු පාලකයන්ගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලති

colombotoday

රටට වැඩක් කළ ගෝඨාභය ගැන හොයන්න කලින් රටට පාඩු කළ අර්ජුන් මහෙන්ද්‍රන් ගැන හොයන්න

colombotoday

සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නවා – අගමැති කියයි

colombotoday

යහපාලන ආණ්ඩුවෙන් බඳවාගත් 8000ක් රජයේ ආයතන වල අයිස් ගසයි.

colombotoday

මහ අනතුරක් අත ළග.. කටුගස්තොට ව්‍යාපාරිකයෙක් කන්දක් කපයි.. ප්‍රදේශවාසීන්ටත් යනෙන මං නැතිවෙයි !

colombotoday

ෆේස්බුක් වැරදි අපරාධ නීතියට ඇතුළත් කරයි. වැරදි කළොත් දැඩි දඩුවම්

colombotoday