Colombo Today Local News

විපක්ෂයට මූණ දෙන්න එජාපයෙන් සන්නද්ධ බළකායක් !… මන්ත්‍රීන් 18කට විශේෂ පුහුණුවක්

122232unp2රූපවාහිනී වාද විවාද වැඩසටහන්වලට සාර්ථකව මුහුණදීමට සහ ආණ්‌ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය ගැන ඒවායේදී කරුණු වඩාත් හොඳින් පැහැදිලි කිරීමට හැකි වන ලෙස එජාපයේ මැති ඇමැතිවරුන් 18දෙනකු අලුත් තොරතුරුවලින් සන්නද්ධ කිරීමට එජාපය තීරණය කර ඇත.

ඒ අනුව ආණ්‌ඩුව නියෝජනය කරන එජාප නියෝජ්‍ය ඇමැතිවරුන් 07 දෙනකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනකු ආණ්‌ඩුවේ නව තොරතුරුවලින් යාවත්කාලීන කිරීම සිදු කිරීමට නියමිතය.

සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, රංජන් රාමනායක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, නලීන් බණ්‌ඩාර, අශු මාරසිංහ, කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ, බන්දුලාල් බණ්‌ඩාරිගොඩ, විජයපාල හෙට්‌ටිආරච්චි, කුමාර ඉඳුනිල්, එස්‌. එම්. මරික්‌කාර්, මුජිබර් රහුමාන්, අජිත් මාන්නපෙරුම ඇතුළු පිරිසක්‌ මීට ඇතුළත් බව එජාප ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ජාතික මාධ්‍ය මධ්‍යස්‌ථානය මගින් මෙම මැති ඇමැතිවරුන්ට විශේෂ පුහුණුවක්‌ මෙන්ම ආණ්‌ඩුවේ වැඩපිළිවෙළේ නවතම තතු විස්‌තරවලින් මොවුන් සන්නද්ධ කෙරෙනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

Srilankamirror

Related posts

රත්නප්‍රිය ගේ මන්ත්‍රීකම මාසයයි… දෙකෝටියක වාහන බලපත්‍ර සමග තවත් වරප්‍රසාද තොගයක් !

colombotoday

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

Admin

නව මිශ්‍රණ පොහොර දෙකක් ලංකා පොහොර සමාගමෙන් එලියට

Admin

ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකළ බඩල්කුඹුරේ තරුණයා අත්අඩංගුවට

colombotoday

මිලියන 37,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ ගන්න අමෙරිකානු ඩොලර් මිලියන 100ක්

colombotoday