Colombo Today Local News

කුරුවිට SI ගේ දේහය නිවසට නොගෙනම මිහිදන් කරයි.

කුරුවිට තරුණියක් ඝාතනය කර හිස නැති මළ සිරුර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දමා නිවසට පැමිණ සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය 06 දින රාත්‍රි 10ට පමණ බඩල්කුඹුර 5 කණුව පොදු සුසාන භුමියේදි මිහිදන් කෙරිණි.

බඩල්කුඹුර බුත්තල පාරේ 5 කණුව ප්‍රදේශයේ පදිංචි බුත්තල පොලිසියට අනුයුත්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක ඒ.එම් ප්‍රේමසිරි අධිකාරි 52 නැමති පුද්ගලයෙකි.

කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි එල්.කේ දිලිනි යශෝදා වයස අවුරුදු 30ක අවිවාහක තරුණියක සමග මිය ගිය අය අනියම් සබදතාවයක් පවත්වාගෙන යන අතරතුර ඝාතනය සිදුව තිබේ.

තරුණිය ඝාතනය කිරීමෙන් පසු පසුගිය 02 දින රාත්‍රි නිවසට පැමිණි උප පොලිස් පරීක්ෂකවරයා රාත්‍රියේම නිවස අසළ තිබෙන රබර් වත්තකට ගොස් සියදිවි නසාගෙන සිටියදි පොලිසීය සොයාගනු ලැබීය.

මිය ගිය අය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය එහිදි පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මොණරාගල සිරිගල රෝහලට ඉදිරිපත් කළ මළ සිරුර පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු 06 දින රාත්‍රි ඥතීන්ට බාරදී තිබේ.

පවුලේ ඥතීන් කිහිපදෙනෙකු උප පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර බඩල්කුඹූර 5 කණුව ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.30ට පමණ ගෙනවිත් නිවස තුලට නොගෙන ආලින්දයේ පැය භාගයත් තබා කිසිදු ගෞරවයක් නොකර ආගමික වතාවත් සිදුකිරීමෙන්
අනතුරුව පොදු සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරිණ.

මෙම අවස්ථාවට කිසිදු පොලිස් නිළධාරියෙකු සහභාගි නොවුන අතර මිය ගිය අයගේ බිරිද හා දරුවන් තිදෙනා ජනමාධ්‍යයට මුහුණ නොදි‍ නිවසට වී සිටියේය.

පසුව පවුලේ ළගම ඥතීන් කිහිපදෙනෙකු පමණක් සිරුර සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරිණි.

Related posts

රජයේ රෝහල්වල වෛද්‍යවරු 4000ක හිඟයක්

colombotoday

කිරි පැකට්වලට වස මිශ්‍ර කිරීමේ සැකය ඇමති මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුවට

colombotoday

මුරලිගේ ප්‍රකාශයට ගෝඨාභයගෙන් මල්, මනෝ ගනේෂන්ගෙන් ගල්…

colombotoday

විදුලි බිල්පත් පිළිබදව ජනපති කරුණු විමසයි

colombotoday

මා පොහොට්ටු සන්ධානයේ සභාපතිවීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක් !

colombotoday

රාජකාරියේ යෙදී සිටි එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා

Admin