Colombo Today Local News

යහපාලන ආණ්ඩුවෙන් බඳවාගත් 8000ක් රජයේ ආයතන වල අයිස් ගසයි.

රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව සේවක සේවිකාවන් අට දහසකට ආසන්න පිරිසක් සේවයේ යොදවාගෙන සිටින බව වාර්තා වේ.

මේ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ අවධානය යොමුවී ඇත.

මෙලෙස සේවයේ යෙදී සිටින වැඩි පිරිසක් පසුගිය රජය සමයේදී දේශපාලන හිතවත්කම් මත බඳවා ගනු ලැබූ අය බව වාර්තාවේ.

මින් වැඩිදෙනෙකුට ඒ ඒ ආයතනවල නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුකූල වැඩ පැවරීමක් හෝ කර නැතැයිද දැනගන්නට ඇත.

මේ තත්වය නිසා රටට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවන බව ගණන් බලා තිබේ.

පවතින ආර්ථික තත්ත්ව යටතේ සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන්ට යම් නිශ්චිත වැඩ පැවරීමක් කර ඔවුන්ගේ සේවය රටේ සංවර්ධනය සඳහා යොදාගැනීමටද රජයේ අවධානය යොමුවී ඇත.

Related posts

මෙරටින් රැගෙන ගිය තාරා දේවී ප්‍රතිමාව යළි දිවයිනට ගෙන එන්න සැලසුම්

Admin

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් අද බැංකු වලට

Admin

රත්මලානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට ඇදිරි නීතිය

colombotoday

උසස් පෙළ 2022 විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Admin