Colombo Today Local News

රට පනින්න ගිය 45ක් නාවික හමුදාවට මාට්ටු

නාවික හමුදාව විසින් ඊයේ (27)දින දකුණු සහ බටහිර මුහුදේ මුර සංචාර අතරතුරදී අනවසරයෙන් වෙනත් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන කල්පිටිය, හලාවත, පුත්තලම, මීගමුව සහ කිලිනොච්චි ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 45 දෙනෙක් සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් තම භාරයට ගෙන ඇත.

නාවික හමුදාවේ ගජබාහු නෞකාව දකුණු මුහුදේ පුද්ගලයන් 26ක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මෙලෙස සිය භාරයට ගෙන ඇති අතර,වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් බටහිර මුහුදේ දී අනෙක් ධීවර යාත්‍රාව තම භාරයට ගෙන ඇති බව නාවික හමුදාව නිවේදනය කර ඇත.

මෙම බහුදින ධීවර යාත්‍රා මුහුදු ගමනකට නුසුදුසු අනාරක්ෂිත තත්ත්වයෙන් පැවති බව නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

නෝම්බි අරින්න ඇවිත් සංහිදියා කුමරිය ජාතිවාදය අවුලවයි.. සජීවීව රටටම පෙන්වයි (Video)

colombotoday

නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවැරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරයි

Admin

බුදුන් වහන්සේ නාගදීපයට වැඩමකළ බක් පුන් පොහොය අද

colombotoday

අද පැය හත හමාරක් විදුලිය කපන්නේ මෙහෙමයි

colombotoday

අද සිට දින පහක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

colombotoday

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

colombotoday