Colombo Today Local News

මහ අනතුරක් අත ළග.. කටුගස්තොට ව්‍යාපාරිකයෙක් කන්දක් කපයි.. ප්‍රදේශවාසීන්ටත් යනෙන මං නැතිවෙයි !

මහනුවර – කටුගස්තොට මාර්ගයේ පිහිටි වීල්ස් ලංකා මෝටර් රථ අලෙවි ආයතනය අසල විශාල යන්ත්‍ර උපයෝගී කරගනිමින් පස් කැපීමක් සිදු කෙරෙමින් පවතී.

මෙම තීව්‍ර බෑවුම සහිත ප්‍රදේශය මහයියාව බිමිගෙය අසලින් පටන්ගෙන කටුගස්තොට – මහනුවර ප්‍රධාන මාර්ගයට සමාන්තරව කි.මි. බාගයක් පමණ දුරකට විහිදී යයි. අදාළ ප්‍රදේශය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අංශයේ සහ භූවිද්‍යා හා පතල් සමීක්ෂණ මන්ඩලයේදී පරීක්ෂාවට ලක්වීමෙන් පසු අවදානම් කළාපයක් ලෙස නම් කර ඇති අතර, මෙහි ඉතා දුබල පාෂාණ ස්ථරයක් පවතින බැවින් කිසියම් හෝ පස් කැපීමක් නොකළ යුතු බවටත් නිර්දේශ කර ඇත.

එමෙන්ම ඉතා මෑත කාලයේදී රජය විසින් මෙහි තිබූ නිවාස කිහිපයක් අවදානම් තත්ත්වය නිසා ඉවත් කර ඇති අතර ඔවුන් සදහා වෙනත් ඉඩම් ලබා දී ඇත.

මෙලෙස අවදානම් කළාපයක් ලෙස රජය විසින්ද හදුනාගෙන ඇති භූමියක, දැනට පවතින කාළගුණ තත්ත්වය පවා නොසලකමින් විශාල යන්ත්‍ර යොදා ගනිමින් මහා පරිමාණයෙන් පස් කැපීම සිදුකරගෙන යන්නේ කෙසේදැයි විමතිය දනවන කරුණකි. අදාළ පස් කැපීම මෙම තිව්‍ර බෑවුමේ කදු මුදුනේ සිට, පහළින් කටුගස්තොට – මහනුවර ප්‍රධාන මාර්ගය අසලින් පටන්ගෙන බෑවුම දිගේ ඉහළටත් සිදුකරගෙන යනු ලබයි.

මේ සදහා මධ්‍යම පරිසර අධිකාරියේ හෝ භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයේ හෝ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් හෝ නාගරික සංවර්ධන අධිකාරියෙන් කිසිදු අවසරයක් ලබාගෙන නැති බවද දැනගන්නට ලැබී තිබේ. ඉහත ස්ථානය අවට පදිංචි නිවැසියන්ගේද විරෝධතාවය නොතකමින් මෙම ව්‍යපෘතිය ඉතා කඩිනමින් සිදු කෙරෙමින් පවතින අතර, තමන් පත්ව සිටින අනතුරුදායක තත්ත්වය හේතුවෙන් ඔවුන්ද කරකියා ගැනීමට දෙයක් නොමැතිව වික්ෂිප්තව සිටී.

ඒ – 9 මාර්ගය පළුල් කිරීමේදී මෙම ස්ථානය ආශ්‍රිතව ඇති නිවාස වලට යෑම සදහා තිබූ පඩිපෙළ කඩා යලි සෑදීමට මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වූ අවස්ථාවේදී, වෙනත් පිරිසක් ඉදිරිපත් වී එම නිවාසවලට යෑමට පඩිපෙල වෙනුවට වාහන යා හැකි මාර්ගයක් සාදා දෙන බවට නිවැසියන් මෙන්ම ඇතැම් නිලධාරීන්ද නොමග යවා ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. සැබවින්ම එහි සිදු කෙරෙමින් පවතින්නේ තිව්‍ර බෑවුම කපා එහි යම්කිසි ගොඩනැගිල්ලක් ඉදිකිරීමක් සහ එයට ප්‍රවේශ මාර්ගය සාදා ගැනීමකි.

එමෙන්ම කටුගස්තොට – මහනුවර මාර්ගයට සමාන්තරව මහයියාව හා වට්ටාරන්තැන්න මංසන්ධිය දක්වා දිවෙන ප්‍රසිද්ධ ඇළ මාර්ගයද වැසියන පරිදි උඩින් කොන්ක්‍රීට් දමා ඒ මත ගොඩනැගිලි ඉදිකිරීමටද කටයතු කර ඇත.

දැනට කරගෙන යන ඒ – 9 මාර්ග සංවර්ධනයට මුවාවී ඇතැම් පුද්ගලයන් සහ ආයතන මගින් අත්තනෝමතික ලෙස කරගෙන යනු ලබන පරිසර විනාශය “ඇගිල්ලෙන් ඇන පෙන්වනතුරු“ නොසිට, එමෙන්ම ඇතැම් පාර්ශව වල මුදලට යට නොවී නිතරතුරු පරික්ෂාකාරීව සොයා බලන ලෙසට අදාළ රජයේ ආයතනවලට උපදෙස් දෙන්නැයි ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1988572721412201/” width=”560″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

රත්වත්තෙට එරෙහිව CID යට පැමිණිල්ලක්. විශේෂ විමර්ශනයක් අරඹන්නැයි ඇමති සරත් වීරසේකරගෙන් පොලිස්පතිට නියෝග

colombotoday

මංගලගේ සිහින බොද වෙයි.. ‘සමලිංගික විවාහ‘යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි !

colombotoday

අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී

Admin

රනිල්ට සිතාසි

colombotoday

ආණ්ඩුවේ ඉන්ඩ පුලුවන්නම් හිටපං බැයිනම් පලයං. – මම පොහොට්ටුවේ ඔහු විමල්ගේ පක්ෂයේ. | වලියෙන් පස්සේ ප්‍රා සභා මන්ත්‍රී කී කතාව.

colombotoday

යුද හමුදාවෙන් පලා ආ සෙබලෙක් බිරිද ඝාතනය කර නැන්දම්මටත් පොල්ලකි ඔලුට ගහලා

colombotoday