Colombo Today Local News

අලුත් වාහන ගන්නේ බලාගෙනයි.. අලෙවිය තහනම් වූ ඉන්දීය වාහන මෙරට වෙළදපොළට !!

BSIII වායුවිමෝචන පරිසාධන මට්ටමේ පවතින මෝටර් රථ අලෙවිය 2017 අප්‍රේල් 01 දින සිට තහනම් කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කරන ලැබීය.

ඒ අනුව ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක් බරපතළ ගැටළුවකට මුහුණ පා තිබේ. මේ අතර දැනට නිෂ්පාදනයෙන් අනතුරුව ප්‍රදර්ශනාගාර මට්ටමේ පවතින වාහන තොග ගණනාවක් ඉන්දියාව තුළ අලෙවි කිරීමේ හැකියාව, මෙම අධිකරණ නියෝගය හේතුවෙන් වාරණයට ලක්ව තිබේ.

කෙසේ වෙතත් මෙම මෝටර් රථ ඉන්දියාව තුළ අලෙවිය තුළ තහනම් වුවද, ඒවා අපනයනය සඳහා කිසිදු තහනමක් නොමැති බව ඉන්දියානු මාධ්‍යම පෙන්වා දෙයි.

2016 වසර තුළ දී ශ්‍රී ලංකාවට අපනයන කර ඇති ඉන්දියානු මගී වාහනවල වටිනාකමෙහි 92% ක වර්ධනයක් සිදුව ඇති අතර ඉන්දීය මෝටර් රථ අපනයන වෙළෙඳපොළවලින් වේගයෙන් වර්ධනය වූ හොඳම වෙළෙඳපොළ 5 අතරට ද ශ්‍රී ලංකාව එක්ව තිබිණි.

Related posts

අසත්‍ය පතුරුවන්නන් ගැන මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

colombotoday

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

අර­න්තලා භික්ෂු ඝාත­ක­යන් වසර 33කට පසු නීතිය හමු­වට

colombotoday

නව ව්‍යවස්ථාව නොවැම්බරයේ සම්මත කරන්න සූදානම්.. 2/3 ගන්න මන්ත්‍රීවරුන්ට දිගට හරහට අල්ලස් !

colombotoday

මැරුණු කොටින්ට වන්දි ගෙවන යෝජනාව : සංශෝධනය කර ක්‍රියාත්මක කළ හැකියි

colombotoday

රාජිත ට සිතාසි

colombotoday