Colombo Today Local News

අක්කර භාගයක කංසා හේනකට ගිනි තියයි

තිස්සමහාරාම පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත තිස්සමහාරාම යාල ජාතික උද්‍යානයේ විදුලි වැටට ආසන්න ගල් ආර ප්‍රදේශයේ අක්කර භාගයක් පමණ මහා වනාන්තරය හෙළිපෙහෙළි කර සිදුකරනු ලැබූ කංසා හේනක් වැටලීමට තිස්සමහාරාම පොලිසිය අද (26)දින කටයුතු කර තිබේ.

මෙම කංසා හේන පවත්වාගෙන ගියතිස්සමහාරාම සඳගිරි ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු තිස්සමහාරාම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තිස්සමහාරාම පොලිසිය පවත්වයි.

උප පොලිස් පරීක්ෂක කැලුම් හෙට්ටිආරච්චි,පොලිස් සැරයන් ආර් පී එස් කුමාර,පොලිස් කොස්තාපල් එච් ඩබ්ලිව් සී පුෂ්පකුමාර,පොලිස් කොස්තාපල් එච්. ඒ මනුප්‍රිය, පොලිස් කොස්තාපල් ඒ පී ගයාන්, පොලිස් කොස්තාපල් එච් එම් ඩීදේශාන් යන නිලධාරීහු මෙම මෙහෙයුමට එක්ව ඇත.

Related posts

ජනාධිපති අරමුදල ගෙවීම් කඩිනම් කරයි

Admin

දියගම තාක්ෂණ විද්‍යාපීඨයේ බුදු මැදුරටත් සංහිදියාව හරස් වෙයි..!

colombotoday

මුතුරාජවෙල රැක ගන්න සජබෙ උසාවි යයි

colombotoday

ජනපති කියන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන මා දන්නේ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

colombotoday

කෝටි ගණනක මුදල් වංචා කළ චීන යුවළ ඇතුළු 8කට අධිකරණයෙන් දුන් නියෝගය

Admin