Colombo Today Local News

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ටත් කොවිඩ් එන්නත

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොරෝනා එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොරෝනා වසංගතය හමුවේ අර්බුදයකට මුහුණ දී තිබෙන සංචාරක ක්ෂේත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කඩිනම් වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ (01)දින පෙරවරුවේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින්නන්ට සහන ලබා දීමටත් නැවත ඔවුන්ගේ ජීවන මාර්ගය යථා තත්ත්වයට ගෙන ඒමටත් රජය පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරන නමුත් එය ඔවුන් වෙත සන්නිවේදනය වීමේ දුර්වලතා පවතින බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි

colombotoday

උතුරු මහ ඇමති – රදගුරු රහස් සාකච්ඡාවක !

colombotoday

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin

පළාත් අතර ධාවනය වන විශේෂ දුම්රිය පහක ගමන්වාර දහයක් අද සිට

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිර නාට්‍යයක් – ජනපති කියයි

colombotoday