Colombo Today Local News

රාජ්‍ය ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට යයි !

රාජ්‍ය ඇමැතිවරුන්ට බලතල පැවරීමට කැබිනට් ඇමැතිවරුන් කටයුතු නොකිරීම නිසා ජාතික ආණ්ඩු ගිවිසුම සංශෝධනය කිරීමට කටයුතු නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරුන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් හැර අනෙකුත් කැබිනට් ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන්ට බලතල පවරා ඇත්තේ අල්ප වශයෙනි.

නියෝජ්‍ය ඇමැතිවරුන්ට ද මේ ගැටලුව ඇතත්, ඔවුන් මෙතෙක් දැඩි තීන්දුවක් සම්බන්ධයෙන් අවධානය යොමු කර නැත.

ලබන අගෝස්තු 21 වැනිදා ජාතික ආණ්ඩු ගිවිසුම අවසන් වීමට නියමිත අතර, එයින් පසු ගිවිසුම දීර්ඝ කරන්නේ නම් තමන්ට ද බලතල හිමි වන ආකාරයේ ඇමැති ධුර ලබාගත හැකි වන පරිදි එය සිදු කළ යුතු බව මේ රාජ්‍ය ඇමැතිවරුන් බලකර සිටිති.

srilankanmirror

Related posts

කොරෝනා සුව වූ පළමු ‍නාවික පුද්ගලයා අයිඩීඑච් රෝහලින් පිටව යයි.

colombotoday

කෝටියක හෙරොයින් පාර්සල් කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් ‘සයිටම් විරෝධී‘ දොස්තරලායි.. ඔවුන් වහාම මර්ධනය කළ යුතුයි

colombotoday

රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන්ට රජයෙන් නොමිළේ රටඉදි… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

ජොන්ස්ටන් කොටුව මහේස්ත්‍රාත් හමුවට භාර වී පිටව යයි..

colombotoday

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin