Colombo Today Local News

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

“ශ්‍රී ලංකා පිරිසිදු තේ”නමින් කසළ තේ ඉරාකය ඇතුළු අරාබි රටවලට යැවීමේ ජාවාරමකට නැව් සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක කළමණාකරුවෙකු සම්බන්ධ බවට රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

කසළ තේ ශ්‍රී ලංකා පිරිසිදු තේ නමින් අරාබි රටවලට ආනයනය කිරීමේ ජාවාරමක් රේගු අවදානම් කළමනාකරණ ඒකකය පසුගිය කාලයේ අනාවරණය කරගනු ලැබූ අතර, මේ සම්බන්ධව කොළඹ අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයේ බී/47421/6/21 දරන නඩුව ගොනුකර ඇත.

ඩුබායිවලට යවා තිබූ කසළ තේ බහාලුම් හතරක් මීට පෙරදී රේගුව විසින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබූ අතර, කසළ තේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද රේගුව සමත් විය.

ශ්‍රී ලංකා පිරිසිදු තේ නමින් ඉරාකයට අපනයනය කරන ලද කසළ තේ අඩංගු අඩි 40 ක් දිගැති බහාලුම් දෙකක් නැවත මෙරටට ගෙන්වා ගැනීම සදහා ඉකුත් මාර්තු මස 09 වැනිදා රේගුව විසින් අදාළ නෞකා සමාගමට ලිඛිතව දන්වනු ලැබූවත්, මෙතෙක් එම කසළ තේ තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු නොකළ බවට රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ සහකාර රේගු අධිකාරි කැලුම් තුෂාර අධිකරණයට දන්වා තිබුණි.

නෞකා සමාගම අධිකරණයට දන්වා ඇත්තේ අදාළ විධායක ජ්‍යෙෂ්ඨ කළමනාකරු සේවයෙන් පහකර තිබෙන බවය.

Related posts

ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක්

colombotoday

පොසොන් පොහොයට බන්ධනාගාරගත රැදවියන් සිල්සමාදන් වෙයි

colombotoday

මෙවර සාපෙළ ලියන සිසුන්ට දැනුම් දීමක්

Admin

ජනාධිපති වෙන්න මට බැරිවෙයි – සජිත් කියයි

colombotoday

“අවසන් දිනය අදයි.. සේවයට නාවොත් වරායට නව සේවකයන්“ – වරාය ඇමති දන්වයි

colombotoday

රත්නජීවන් හූල් ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුවක් අරන්

colombotoday