Colombo Today Local News

ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයි

පාකිස්ථානයේ සංචාරයක නිරත වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබේ.

ඒ පකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එහිදි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පකිස්ථාන වෙළඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නිරන්තර සාකච්ඡා පැවැත්වීමත් අදහස් හුවමාරු කර ගැනීමත් අවශ්‍ය බවයි.

බෞද්ධාගමික ජනතාව පකිස්ථානයේ සංචාරය කිරිමේ වැඩපිළිවෙළ ප්‍රවර්ධනයට අපේක්ෂා කරන බව ද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී පැවසූ බව වෙළඳ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

මෙහිදි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පකිස්ථාන වෙළඳ ගනුදෙනු තර කර ගැනීම සඳහා තමන් ඇතුළු ව්‍යපාරික ප්‍රජාවට ලබාදුන් පිළිගැනීම පිළිබඳ ස්තූතිවන්ත වන බවයි.

Related posts

සියලුම ප්‍රදේශවල හුදකලා බව ඉවත් කෙරේ

colombotoday

ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිපයත් අතහරී… මහින්ද එන ඡන්දයේදී ස්වාධීන වෙයි

colombotoday

සප්‍රයිස් ලොක්ඩවුන් වසංගත විද්‍යාවට විරුද්ධයි. ලොක්ඩවුන් රැල්ලක් ඇති වෙන්න පුළුවන්

colombotoday

සජබ උද්ඝෝෂණයට සහබාගි වූ අයෙක් අත්අඩංගුවට ගෙන මරා දැමූ බවට කියන කතාව අමූලික බොරුවක්

colombotoday

‘මහබැංකුව කොල්ලකෑ අර්ජුන්ගේ කනේ මයිලක් ගලවා පෙන්වන්න‘ – රන්ජන්ට අභියෝගයක්

colombotoday

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday