Colombo Today Local News

‘මහබැංකුව කොල්ලකෑ අර්ජුන්ගේ කනේ මයිලක් ගලවා පෙන්වන්න‘ – රන්ජන්ට අභියෝගයක්

රාජ්‍ය නිළධාරින්ගේ හක්ක තැලීමට පෙර මහ බැංකුව මංකොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන්ගේ කණේ මයිලක් ගලවා පෙන්වන ලෙසට රංජන් රාමනායකට අභියෝග කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසයි. නුගේගොඩ පැවති ජන රැලියක් හා එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

“එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා හොරු අල්ලන්න රංජන් රාමනායක කියලා කෙනෙක්. එයා රාජ්‍ය නිළධාරීන්ගේ හක්ක තලන්න කතා කරනවා. අපි ඔබතුමාට අභියෝග කරනවා රාජ්‍ය නිළධාරීන්ගේ හක්ක තලන්න කලින් මහ බැංකුව මහා දවාලයේ කොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන්ගේ, අර්ජුන් ඇලෝෂයස්ගේ කණේ එක මයිලක් ගලවලා අපිට පෙන්නන්න. අපි ඔබට අභියෝග කරනවා“ යැයි බන්දුල ගුණවර්ධන මහතා එහිදී පැවසීය.

පෙරේදා (26) පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු වන දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්තුමියට, වර්තමාන යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයකු වන රන්ජන් රාමනායක විසින් ප්‍රසිද්ධියේ දුරකතනය මගින් බැණ වැදුණු ආකාරය මාධ්‍ය මගින් ප්‍රචාරය වියි.

https://youtu.be/TBv4mVo-5FY?t=19

 

Related posts

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

Admin

රිෂාඩ්, මනෝ, දිගාම්බරම් අගමැතිට පක්ෂව !

colombotoday

කොත්මලේ මහවැලි මහා සෑයත් රජයට පවරාගනී.. මල්වතු මහනාහිමියෝ දැඩි විරෝධය පලකරති

colombotoday

කහ කිලෝ 902 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම් වෙරළ තීරයේදී අත්අඩංගුවේ

colombotoday

ජනපති කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ – ජොන්ස්ටන්

colombotoday

අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන්ට ඇප

Admin