Colombo Today Local News

“රට උගසට තබා මහින්ද ලස්සන ගෙයක් හැදුවා.. රට බේරාගන්නේ අපියි” – ඇමති චම්පික

champika

රාජපක්ෂ පාලන සමයේ රට ලස්සන නිවසක් බවට පත්කළ නමුත් වර්තමානයේ රට ණය ගැතිවී, සංවර්ධනය බිඳවැටී,ආණ්ඩුව ණය ගැනීම පමණක් සිදු කරන බව රාජපක්ෂලාගේ ආර්ථික විද්‍යාඥ කුක්කෝ කෑ කෝ ගසමින් සිටියද මහින්ද ලස්සන ගෙයක් හැදුවේ මාතෘ භූමිය නැමති ඉඩම උගස් කොට බව මහ නගර හා බස්නාහිර සංවර්ධන පිළිබඳ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද(22) කළුතර නව පොදු වෙළඳ සංකීර්ණය ඉදිකිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුව සිදු කරනු ලබන සංවර්ධනය ආදායම් උපදවන සංවර්ධනයක් බවත්, එය ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කරන, ආදායම් උපදවන ව්‍යාපෘති පමණක් වන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා, මහින්ද පාලනය තුළ උගස් කරනු ලැබූ මාතෘ භූමිය බේරාගැනීමේ වගකීම වත්මන් ආණ්ඩුවට පැවරී ඇති බව පෙන්වා දෙයි.

 

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල මේ මාසයේදී…

Admin

අවුරුදු පහක් සීනි කන්න බිලියන 191ක් වැය කරලා

colombotoday

රන්ජන්ගේ මන්ත්‍රී ධුරයට මොනවා වෙයිද? නියෝගය අද.

colombotoday

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට

colombotoday

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

උඩරට දුම්රිය මාර්ගයේ අදත් පීලි පැනීමක්

Admin