Uncategorized

තවත් ස්ට්‍රයික් කළොත් බලපත්‍ර අහෝසියි.. 25000 දඩයත් වෙනසක් නෑ !

bus-sri-lankaපුද්ගලික බස් රථ වර්ජනය දින තුනක් මුළුල්ලේ පැවතුනහොත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, රථ වාහන වැරදි හතක් සඳහා රුපියල් 25000 දක්වා දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ සංගම් ගෙනයන විරෝධය පිළිබඳව කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බලපත්‍ර අහෝසි කිරීමෙන් අනතුරුව නව ඉල්ලුම්කරුවන්ට එම බලපත්‍ර ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මාර්ග නීති කඩකරන රියදුරන්ට පැන වූ රුපියල් 25,000 දඩ මුදල අවලංගු නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පවසන අමාත්‍යවරයා, මාර්ග නීති උල්ලංඝනය කරන රථවාහනවලට එවැනි දඩයක් නියම කරන මෙන් ආණ්ඩුවට මුලින්ම යෝජනා කළේ තමන් බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ 25,000කට ආසන්න පිරිසක් මාර්ග අනතුරු හේතුවෙන් වසරක් ඇතුලත මරුමුවට පත්වන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාව තරම් මාර්ග නීති උල්ලංඝනය කරන තවත් රටක් ලෝකයේ නොමැති බවයි.

ඇතැම් පුද්ගලික බස් රථ සහ ත්‍රිරෝද රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් රට පුරාම බස් මගීන් බරපතල දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින අතර රට පුරා විවිධ ස්ථානවලදී ධාවනයේ යෙදුනු ලංගම බස් රථවලට ගල් මුල් ප්‍රහාර එල්ල වී තිබේ.

BBC

Related posts

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin

පිපිරීම් මාලාවේ පූර්ව සූදානම් වීම් සිදුව ඇත්තේ මධ්‍යම පළාතේ – දැන්වත් බුර්කාව තහනම් කළ යුතුයි

colombotoday

ගෝඨා ඉන්නේ සජිත්ට වඩා බොහෝ ඉදිරියෙන් – වසන්ත සේනානායක

colombotoday

අඩු ආදායම් ලබන්නන්ගේ සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ

Admin

මුලතිව්, ගුරුකන්ද නාහිමිගේ දේහය විහාර භූමියේ ආදාහනය වළක්වමින් අධීකරණ නියෝගයක් !

colombotoday

ජනපති පදවි ප්‍රාප්තියට බර වියදම්, ලොකු උත්සව නැතිලු.. සරලව සමරන්න ජනපති තීරණය කරයි

colombotoday