World

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ වීජා ගිනිකන්ද සක්‍රීය වෙයි

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ පිහිටි කුම්බ්රේ වීජා ගිනිකන්ද සක්‍රීයවීමත් සමග දහස් ගණන් ජනයා ඒ ආසන්න ප්‍රදේශවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ගිනිකන්දේ බලපෑම හේතුවෙන් මේ වනවිට නිවාස 350කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තවත් නගර තුනක පදිංචිකරුවන්ට ද සිය නිවාසවලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට දැනුම් දී තිබේ.

ගිනිකන්දෙන් පිටවන ඝණ දූමාරය හේතුවෙන් මේ වනවිට අදාළ ප්‍රදේශයේ ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරනවා : ඉන්දියාවට අල් කයිඩාව අනතුරු අඟවයි

colombotoday

ඉරානයෙන් 90%ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday

බොරතෙල් මිල තවත් පහලට

Admin

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday