World

අමුතුවට හැසිරෙනු බැටළු රංචුව ගංජා කිලෝ 100ක් කාලා

ග්‍රීසියේ Almyros නගරය අසල බැටළු රංචුවක් පසුගියදා හරිතාගාරයක් තුළ වගා කරන ලද ගංජා කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් කා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ග්‍රීසිය, ලිබියාව, තුර්කිය සහ බල්ගේරියාවට බලපෑ ඩැනියෙල් කුණාටුවෙන් පසු මෙම බැටළු රංචුව ගංවතුරෙන් පීඩාවට පත් වූ රංචුවක් බව සඳහන් වෙයි.

එම හරිතාගාරය තුළ ඖෂධමය භාවිතය සඳහා වගා කර තිබූ ගංජා කිලෝ 100ක් පමණ බැටළුවන් කා දමා තිබේ.

බැටළු රංචුව අයත් එඬේරා ඔවුන්ව සොයාගත් විට බැටළුවන් අමුතු ලෙස හැසිරෙන බව ඔහුට නිරීක්ෂණය වූ බවයි ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් එම ගංජා වගා කර තිබූ හරිතාගාරයේ අයිතිකරු පවසන්නේ ගංවතුරින් පීඩාවට පත් වී සිටි ඔවුන්ට ඉතිරිව තිබූ ගංජා ප්‍රමාණය බැටළුවන් කා දැමීම ඔවුන්ට සිදුවූ විශාල පාඩුවක් බවයි.

2017 සිට ඖෂධීය අරමුණු සඳහා ගංජා වගා කිරීම ග්‍රීසියේ නීත්‍යානුකූල කර ඇත.

Related posts

ගෝලීය ත්‍රස්තවාදියා ජයිෂ්-ඊ-මොහොමඩ් ප්‍රධානී මසූඩ් අසාර්ට වරෙන්තු

colombotoday

දිල්ලි නුවරටත් දැනුණු තජිකිස්ථානයේ භූ කම්පනය

colombotoday

ඉන්දුනීසියාවේ භුකම්පනයක්. 30 ක් මරුට

colombotoday

ප්‍රථම වරට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථව මිනිසෙකුට බද්ද කරයි

colombotoday

සඳ මත ඉදිවෙන රුසියා යුරෝපා එක්සත් ජනපදය

colombotoday

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

Admin