World

ගෝලීය ත්‍රස්තවාදියා ජයිෂ්-ඊ-මොහොමඩ් ප්‍රධානී මසූඩ් අසාර්ට වරෙන්තු

පාකිස්තානයේ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා මත ජයිෂ්-ඊ-මොහොමඩ් (ජේඑම්) ප්‍රධානී මසූඩ් අසාර්ට එරෙහිව එරට ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ජයිෂ්-ඊ-මොහොමඩ් සාමාජිකයින්ට එරෙහිව පන්ජාබ් පොලිසියේ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුව (සීටීඩී) විසින් ගොනුකරන ලද ත්‍රස්ත ක්‍රියා සඳහා මුදල් සැපයීමේ නඩුවක් විභාග කරමින් සිටියදී ත්‍රස්ත විරෝධී අධිකරණය (ඒටීසී) විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

අසාර් තම උපන් ගම වන බහවල්පූර් හි “ආරක්ෂිත ස්ථානයක” සැඟවී සිටින බව විශ්වාස කෙරේ.

2019 පෙබරවාරියේ දී ජම්මු හා කාශ්මීරයේ පුල්වාමා පිපිරීමෙන් ඉන්දීය ආරක්ෂක භටයන් 40 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු පාකිස්තානයේ පන්ජාබ් පොලිසිය විසින් ත්‍රස්ත මූල්‍යකරණය සම්බන්ධයෙන් ජේඑම් සාමාජිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුල්වාමා ප්‍රහාරයේ වගකීම ජේඑම් විසින් භාරගෙන තිබුණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2019 මැයි මාසයේදී අසාර් “ගෝලීය ත්‍රස්තවාදියෙකු” ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

Related posts

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

වසර 05 කට පසු මතුවූ ඉබෝලා අවදානම

colombotoday

තලෙයිබාන් ආක්‍රමණය හමුවේ ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යයි

colombotoday

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday

පාර්ලිමේන්තුවට හදිසියේම ආරක්ෂක අංශයේ පිරිස් කඩා වදී

colombotoday

පරෙවියන් යට කර මැරු රියදුරා අත්අඩංගුවට

Admin