Colombo Today Local News

දිවයිනට එන ලංකික විදෙස් ශ්‍රමිකයින්ට නිරෝධායන නොමිලේ

කොරෝනා වසංගත තත්ත්වය මත මැදපෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවල නියුතු ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් රජය විසින් සකසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක් (10) එම නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට තෝරා ගෙන ඇති අතර ඒවා සඳහා ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම එමගින් එක් වරකට 571 දෙනකුට නිරෝධායන පහසුකම් සැපයිය හැකි වේ.

මෙහි දී හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.

Related posts

පුටින්ගේ ඊළඟ පිම්ම කොතැනටද?

colombotoday

ළමා හා මාතෘ මන්දපෝෂණය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්

colombotoday

2020 එජාප ජනපති අපෙක්ෂකයා රනිල්…

colombotoday

උතුරේ සේවා වලටත් බාධා

colombotoday

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් නොකරන්න ජනපති-අගමැති සහතික වුණා“ – කාදිනල්තුමා

colombotoday

පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි

colombotoday