Colombo Today Local News

රෝහල්ගත සිරකරුවෙකු භාරව සිටි වැලිකඩ බන්ධනාගාර නියාමක ගංජා සමග අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවර‌යෙකු ගංජා සමග බොරැල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය ලද තොරතුරක් මත ඊයේ (24)දින මෙම බන්ධනාගාර නියාමකවරයා ගංජා මිලිග්රෑම් 1510ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ වැලිකඩ බන්ධනාගාරගත කර සිටි සිරකරුවෙකු සහ සැකකරුවෙකු වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර ඔවුන් භාරව සිටි වැලිකඩ බන්ධනාගාර නියාමකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිලධාරියාට විරුද්ධව මූලික විමර්ෂණයක් ආරම්භකර ඇති හෙයින් මෙම නිලධාරියා වැඩ තහනමකට ලක්කර තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පොහොට්ටුවට ඡන්දය දුන්නොත් අඳුරු යුගයක් එනවා. රනිල් යාපනයේ ජනතාව බය කරයි

colombotoday

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වේ.. දඹුලු ලෙන් විහාරය වසා දැමේ

colombotoday

සති දෙකක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්.

colombotoday

“මෝඩ යකෙක්” ලේකම් ප්‍රධාන පුරවැසියෙකුගේ බැංකු ගිණුමෙන් සල්ලි ඇදලා මාට්ටු. තනතුරෙන් පන්නා දමයි.

colombotoday

හැදුනුම්පත් කාර්යාලයත් හෙට වර්ජනයේ

colombotoday

අභියාචනාධිකරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි.

colombotoday