Colombo Today Local News

2020 එජාප ජනපති අපෙක්ෂකයා රනිල්…

රට තුළ පාතාලය ක්‍රියාත්මක වූයේ පසුගිය රජය සමයේ බවත් හිටපු ජනපතිවරයා ඒ බව අමතක කර හුදු මාධ්‍ය ප්‍රකාශ පමණක් කරමින් සිටින බවත් එළඹෙන ජනාධිපත්වරණයේ එජාපයේ අපේක්ෂකයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විය හැකි බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා එලෙස අදහස් දැක්වූයේ අලුතින් පත්වූ නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් පිරිස සමග අද (17දා) මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට එක්වූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා,

“පාතාලය ක්‍රියාත්මක වූයේ පසුගිය රජය සමයේ. එදා නිල ලයිෂන් ලබාගත් පාතාල ක්‍රියාකාරීන් සිටියෙ, ලසන්ත, එත්නැළිගොඩ, තාජුඩීන් ඝාතනය වූයේ රජයේ ආශීර්වාදය මතයි. අද මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කතා කරන්නේ ඒවා අමතක කරලා.හිටපු ජනපතිවරයා මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ජනතා ප්‍රශ්න කතා නොකර විහාරස්ථානවලට ගොස් මාධ්‍යයට විවිධ ප්‍රකාශ කරනව. ඔහු විහාරස්ථානවලට යන්නේ සැබෑ බෞද්ධයෙකු ලෙස නෙමේ. එතුමා යන්නෙ මාධ්‍යයට ප්‍රකාශ ලබා දීමට.

එජාපයේ මීළඟ ජනපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විය හැකියි. දැනට ඒ සඳහා සුදුසුම පුද්ගලයා ඔහුයි. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ පිළිබඳ ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමෙන් පසු එජාපය පුළුල් සන්ධානයක් තුළින් ඊට ඉදිරිපත් වීමට සූදානම්“ යැයි පැවසීය.

Related posts

තොරතුරු තාක්ෂණයේ අනාගත නියමුවන් බිහිකරන Future IT දීපව්‍යාප්ත වැඩමුළුවේ සමාරම්භය

colombotoday

ජනපති වෙනුවට ඥානසාර හිමි

colombotoday

නීතිපති ආරක්ෂක අංශවලට එරෙහි නඩු හයක් පිළිබඳව CIDයෙන් වාර්තාවක් කැඳවයි

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මවක් මිය යයි

colombotoday

පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි !

colombotoday

මා සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා

colombotoday