Colombo Today Local News

‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් 1,184 ක් දැලේ…

‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,184ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 59ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය අද (5)පෙරවරුවේ පැවසීය.

එම පිරිසෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 29ක් පුනුරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 84ක් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.

එම සැකකරුවන් 23න සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇතැයි ද එම අමාත්‍යංශය පවසයි.

හෙරොයින් ග්‍රෑම් 337ක්, අයිස් ග්‍රෑම් 242ක්, ගංජා කිලෝ 6යි ග්‍රෑම් 629ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය සමඟ විශාල මත්ද්‍රව්‍ය තොගයක් මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් වන ලකුණු

colombotoday

අලුතින් සොයාගත් හූනන් හයකට ජාතික වීරයන් හයකගේ නම් දෙති

colombotoday

විස්සේ විවාදය අද.. ඡන්ද විමසීම හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

colombotoday

වනිඳුගේ ශල්‍යකර්මය සාර්ථකයි

Admin

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday

කොටුව, මල්වත්ත පාරෙන් ලක්ෂ 40 ක හෙරොයින් මතුවෙයි

colombotoday