Colombo Today Local News

අලුතින් සොයාගත් හූනන් හයකට ජාතික වීරයන් හයකගේ නම් දෙති

ශ්‍රී ලංකාවේ උරග නාමාවලියට අලුතින් හූනන් විශේෂ (දිවාසැරි හූනන්) හයක් හඳුන්වාදීමට පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ. විදේශීය මහාචාර්යවරු සහ දේශීය මහාචාර්වරුන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම පසුගිය 2018 වර්ෂයේදී මෙම පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත.

විශේෂයෙන් ලංකාවේ කුඩා වනාන්තර ආශ්‍රිතව මෙම සතුන් ඇති බවට නිරීක්ෂණය කර ඇති අතර ඒ අනුව කුඩුම්බිගල, මොනරාගල පිහිටි මරගල කන්ද , පදියතලාවේ කොකාගල කන්ද , කඩුගන්නාවේ උමඟ ආශ්‍රිත ප්‍රදේශය, බඹරකොටුව වනාන්තරය සහ වලපනේ කීර්ති බණ්ඩාරපුර ආශ්‍රිතව මෙම පර්යේෂණ සිදුකර තිබේ. උෂ්ණත්වය අඩු , ආද්‍රතාවය වැඩි , ආලෝකය අඩු , වන ආවරණය හොඳින් ඇති ප්‍රදේශවල පිහිටි ගල්ගුහා තුළ සහ ගල් බිත්තිවල මෙම හූණන් ජීවත් වේ. එම සත්ත්ව බිත්තර කුඩා සෘජුෆෝම් බෝල ආකාරයෙන් ගල් බිත්තිවල ඇලී පවතී.

මෙම හූණු විශේෂයේ ඝන නාමය Cnemaspis නම් වන අතර ශ්‍රී ලංකාවේ නමක් තැබූ වීරවරයන්ගේ නම්වලින් ඔවුන් නම් කර ඇත. ඒ අනුව ගෝටයිම්බර යෝධයා නමින් Cnemaspis gotaimbarai sp.Nov ලෙසද, නන්දිමිත්‍ර යෝධයා නමින් Cnemaspis nandimithrai sp.Nov ලෙසද , ඌව වෙල්ලස්ස සටනේදී වීරයන් වූ කොහුකුඹුරේ රටේ රාල නමින් Cnemaspis kohukumburai sp.Nov ලෙසද, බූටෑයේ රටේ රාළ නමින් Cnemaspis butewe sp.Nov ලෙසද, කිවුලේගෙදර මොහොට්ටාල නමින් Cnemaspis kivulegedarai sp.Nov ලෙසද, හිටිහාමි රටේ රාල නමින් Cnemaspis hitihami SP.Nov ලෙසද මෙම සතුන් නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ වාර්තා වන සියලුම දිවාසැරි හූනන් මෙරටට ආවේණික වේ. ඔවුන් අතරින් සියයට පනහක් පමණ දැඩිලෙස තර්ජනයට ලක්වු සතුන් ලෙස සැලකිය හැකිය. මෙම සතුන් එක්ම වාසස්ථානයක් භාවිතා කරන බැවින් ඔවුන් වෙත එල්ල්වන තර්ජනයකදී එම ස්ථානයෙන් පිටවීමක්ද සිදු නොකරයි. එබැවින් සංවර්ධන කටයුතුවලදී නිසි අවසරයකින් තොරව වනාන්තර එළි කිරීම, පරිසර අධ්‍යයන වාර්තාවක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්ව ඇත. පෙර කී ප්‍රදේශ මේ තරම් හෝ ආරක්ෂා වී ඇත්තේ ඒ ආශ්‍රිතව පවතින ආරන්‍ය සේනාසන නිසා බව පවසන පරිසරවේදී සුරන්ජන්, ගල්බෝර දැමීම සතුන්ට මහත් තර්ජනයක් වී ඇති බව පෙන්වා දෙයි. එමෙන්ම මේ වන විට මෙරටට ආවේණික සත්ත්ව විශේෂ රැසක් මෙම පරිසර හායනය හේතුවෙන් විනාශ වී ඇති බවද ඔහු පවසයි.

ඉදිරියේදී නවක සාමජිකයන් 15 ක් පමණ හඳුන්වාදීමට කටයුතු සැකසෙමින් පවතින බවද හෙතෙම වැඩිදුරටත් කීය.


Related posts

ලංකාව ක්ෂය රෝගය පාලනය කල බව සුව ඇමති දැනුම් දෙයි

colombotoday

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචියක් සිදුවන්නේ නෑ

colombotoday

මේ මස අවසානයට පෙර උ/නැගෙනහිර හමුදා කදවුරු 33ක් ඉවත් කිරීමට සූදානම්…. කදවුරු ඉවත් කිරීම සහ විජයකලාගේ කොටි නැගිටවීම අතර සම්බන්ධයක් ?

colombotoday

විජයකලා ඇමතිකමින් නෙරපීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි – විජයකලා වෙනුවෙන් තවත් ඇමතිනියක් පෙරට එයි

colombotoday

පාසල් ළමුන්ට ගංජා පොවන කුරුණෑගල නානගේ කඩේ

colombotoday

නෝම්බි අල්ලන්න බැරිවෙතැයි කට්ටි පනින මුස්ලිම්වරුන්ට නිරෝධායනයට එක්වනැයි දැනුම් දෙයි

colombotoday