Colombo Today Local News

පොලිස් වෙස් ගෙන සොරකමේ ගිය නාවික භටයින් 4කට වැඩවරදී

පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් වැල්ලවත්ත ප්‍රදේශයේ දුරකථන මාධ්‍යයස්ථානයකින් මුදල් හා වටිනා ජංගම දුරකථනයක් සොරා ගන්නාලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු නිලධාරීන් හතර දෙනෙකු අද (04) අලුයම වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම පදිංචි වයස අවුරුදු (38)ක්වන නාවික හමුදාවේ සේවයේ නියුතු නිලධාරීයෙක්ද, බොරලැස්ගමුව නීලම්මහර පදිංචි වයස අවුරුදු (38)ක් වන නිලධාරීයෙක්ද , ගොඩකවෙල හල්වින්න පදිංචිව සිටින වයස අවුරුදු (38)ක් වන නිලධාරීයෙක්ද, බිබිල පදිංචිව සිටින වයස අවුරුදු (37)ක නිලධාරීයෙක්ද වන බවත් පොලීසිය පවසයි.

පැමිණිලිකරු විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ දිවා රාත්‍රිය ක්‍රියාත්මක දුරකථන මාධ්‍යයස්ථානයක් පවත්වාගන යන අතර, ඉකුත් 3 වන දින රාත්‍රියේ නාදුනන පුද්ගලයන් හතර දෙනෙකු පැමිණ පොලිස් නිලධාරී හැදුනුම්පතක් පෙන්වා ආයතනය පරීක්ෂාවට ලක්කල යුතු බවට පවසා සේවකයින් ලවා දොරවල් විවෘත කරවාගන ආයතනයට ඇතූලුවී එක්වරම සේවකයනට උල්පිහි පෙන්වා මරණීර තර්ජන එල්ල කර ගමන් මල්ලක තිබූ රුපියල් 670,000/= මුදලක්ද සේවකයෙකුගේ වටීනා ජංගම දුරකථනයක්ද කොල්ලකා පලා ගොස් ඇත.

Related posts

කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය සෑහෙන කාලයක් තිබුණා- අනුර

colombotoday

දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම කිසිසේත් සුදුසු නැහැ – අස්ගිරි මහාවිහාර පාර්ශවය

colombotoday

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin

කෝටි හතරකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

colombotoday

රත්නපුර බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ලෑස්ති නෑ..“ මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන්ට කියයි

colombotoday