Colombo Today Local News

මුහුණු වසා කඩු, පොලු රැගෙන ආ පිරිසකගේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තරුණියක් මරුට. – දසදෙනෙකු රෝහලේ..

වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ නිවසකට තියුනු ආයුධ සහ පොලු වලින් පහරදී නිවසට ගිණි තබා එක් අයෙකු මියගොස් දසදෙනෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුලත් කර තිබේ.

වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ නිවසකට තියුනු ආයුධ සහ පොලු රැගෙන ඊයේ (23) අලුයම කඩාවැදුණු පිරිසක් වැසියන් වෙත පහරදී නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස් තවත් දස දෙනකු තුවාල ලබා වවුනියාව රෝහල වෙත අ‍ැතුලත් කොට ඇත.

උපන්දින සාදයක් අතරතුර මුහුණු අ‍ාවරණයකොට කඩු සහ පොලු රැගෙන පැමිණි පිරිස සාදයේ සිටි පිරිසට පහරදී නිවසේ සිරකොට අ‍ැතැයි පොලිසිය පවසයි.

අදාල පිරිස නිවසේ සිරකොට සිටියදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට අ‍ැති අතර ඒ සමගම නිවස ගිනිගැනීමකට ලක්ව අ‍ැති බවත් ගින්නෙන් නිවස අ‍ැතුලත සම්පූර්ණයෙන් හානි වී තිබේ.

ගින්නත් සමඟ සාදයේ සිටි දස දෙනකු නිවසින් පිටතට පැන දිවිබේරාගෙන ඇති අතර වවුනියාව තෝණිකල් ප්‍රදේශයේ පදිංචි ෆාතිමා සම්මා සෆීදීර් නැමැති විසිඑක් හැවිරිදි තරුණිය පහරදීමෙන් හා ගිනිගැනීමෙන් තුවාල ලබා නිවසතුල මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ පුද්ගලික ආරවුලක් සිද්ධියට හේතු වී ඇති බවයි.

වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වවුනියාව වාර්තාකරු – එස්.එම් ඩී.චන්ද්‍රනාත් බංඩාර-

Related posts

ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ

colombotoday

මාතර ප්‍රසිද්ධ පාසලකට දරුවන් ඇතුලත්කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මහ රාත්‍රියේ තියයි.

colombotoday

නොතීසි භාරගත්තේ නෑ.. කරු ජයසූරිය අධිකරණයට අපහාස කළා. උසාවියට ගෙන්වා අවවාද කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව ඩෝසර් කරලා

colombotoday

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday