Colombo Today Local News

“කොළඹ අභිමානය” නමින් සමලිංගික සැණකෙළියක් – එජාප තරුණ බලමණ්ඩලයත් හවුල්

සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් “කොළඹ අභිමානය” නමින් සමලිංගික සැණකෙළියක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වනවා.

“කොළඹ අභිමානය 2016 සදහා ඔබගේ සහභාගිත්වයෙන් එය වර්න ගැන්වීම පිළිබදව අපේක්ෂාවෙන් සිටිමු.” යැයි සදහන් කරමින් ඒ සදහා ඔවුන් මේවන විටත් සමාජජාල මාධ්‍ය හරහා පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති අතර පාගමන්, මෝටර් රථ පෙළපාලි ඇතුළුව අදියර කිහිපයකින් මෙම සමලිංගික සැණකෙළිය කොළඹදී පැවැත්වීමට සූදානම්වන බවයි එහි දැක්වෙන්නේ.

Equal Ground නම් රාජ්‍ය නොවන ආයනය විසින් සංවිධානය කරන මෙම සැණකෙළිය සදහා මූල්‍ය අනුග්‍රහය සපයන්නේ දකුණු පළාතෙන් පාර්ලිමේන්තුවට පත්වූ වත්මන් රජයේ ප්‍රබල ඇමතිකමක් දරණ සුප්‍රසිද්ධ සමලිංගික ඇමතිවරයා වන අතර අදාළ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් බහුතරයක් එක්සත් ජාතික පක්ෂයේ තරුණ බලමණ්ඩලය ‍නියෝජනය කරන අය වෙයි.

සමලිංගික සේවනය සමාජ සම්මතය විසින්ද පිළිකුළ කරන අසම්මත දුරාචාරයක් ලෙස සැළකෙන අතර එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ අගයන්ටද ඉදුරාම පටහැණි සහ නීතිය මගින්ද තහනම් වන ව්‍යාභිචාරයකි. අදාල සංවිධානය සහ අමාත්‍යවරයා ප්‍රමුඛ සමලිංගික කණ්ඩායම විසින් ඇමරිකානු ආධාර සහිතව ලංකාව තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සදහා පසුගිය සමයේ ක්‍රියාකාරීව කටයුතු කළ අතර මේ වන විට රාජ්‍ය බලයෙන් සන්නද්ධ වූ ඔවුන් සමලිංගිකත්වය ලංකාව තුළ නීතිගත කිරීම සදහා පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත.

සමලිංගික සේවනය රට තුළ ප්‍රචලිත වෙමින් පවතින බවට පසුගිය සමයේ සෞඛ්‍ය අංශ පවා අනතුරු අගවා තිබුණු අතර ඒ හේතුවෙන් ඒඩ්ස් ව්‍යාප්තියද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛණ වලින් හෙළිදරව් කර තිබිණි.

ශ්‍රී ලාංකික සංස්කෘතිය වනසමින්, සෞඛ්‍ය හා සාමාජීය ගැටළු රාශියකට මග පාදමින් නටන මේ අශ්ශීල විගඩම “කොළඹ අභිමානය” වන්නේ කෙසේදැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිවිල් සංවිධාන කිහිපයක් ප්‍රශ්න කර සිටිති. විෂම සමලිංගිකත්වය ප්‍රචලිත කරමින් සිදුකරන්නට යන සංස්කෘතික හා සමාජ ව්‍යසනයට එරෙහිව සිවිල් සංවිධාන එකමුතුවක් විසින් වැඩපිළිවෙලක් සංවිධානය කෙරෙමින් පවතින බවට කරුණු වාර්තා වන අතර බොහෝ දුරට මෙම සැණකෙළිය අතරතුර සමලිංගිකයන් හා සිවිල් සංවිධාන අතර ගැටුමක් නිර්මාණය වීමට ඉඩ ඇත.

සමලිංගික සැණකෙළියේ ෆේස්බුක් ප්‍රචාර

සමලිංගික සැණකෙළියේ පූර්ව දැන්වීම් කිහිපයක් පහතින් දක්වා ඇත

lolu poster2

 

Related posts

අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් දෙදෙනෙක් පළා යයි

Admin

ගසකට යටවී දරුවෙකු ජීවිතක්ශයට

Admin

වැට් බද්ද 15% තෙක් ඉහළ දමන්න සිදුවුණේ රාජපක්ෂලා රට ණය උගුලක සිරකළ නිසයි

colombotoday

හිස්බුල්ලා කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවන තැතක…

colombotoday

මාකඳුරේ මධුෂ් ඉතාලියට පනී..

colombotoday

මහින්දගේ ආරක්ෂකයන් 42ක් එකවර ඉවත් කරයි

colombotoday